බංකොලොත් වූ රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වසා දමා තනි රනිල්ට රට භාර දෙන ලෙස තමා එදා කළ ප්‍රකාශය අද සත්‍ය බවට පත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට උපරිම උත්සාහ දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි

දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck Soo මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කළ ඒකකයේ නිලධාරීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.

සමගි ජන සන්ධානය පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තබා තිබේ.

worky

worky1

ld add copy

Connet With Us