රේගුවේ සිරවී තිබූ බහාලුම් සියල්ල නිදහස් කර ඇති බැවින් ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමක් සිදුවන බව කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති නිලුක්ෂක කුමාර මේ බව සදහන් කලේය.

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වාදුන් බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීම සඳහා සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක සෝලා ටනල් ඩ්‍රයර් ක්‍රමවේදය සාර්ථක වී තිබෙනවා.

ජනාධිපතිවරණයට පෙර නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගය රජයට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසයි.

මත්පැන් වල මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

එළඹෙන අවුරුදු සමයේ දී නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදුකිරීමට සඳහා දිවයින පුරා විශේෂ කණ්ඩායම් ද යොදාවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි  පැවසුවේය.

-P.M

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

දේශීය කිරිපිටි මිල පහළ දැමීමට මෙතෙක් පියවර ගෙන නැතැයි දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ld add copy

Latest News

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාර...

Connet With Us