දීඝාභය කුමාරයා ද්‍රෝහියෙක් නෙවෙයි - මහාචාර්ය බන්දුසේන ගුණසේකර

Published in කලා
Thursday, 25 December 2014 12:00
‘‘දීඝාභය කුමාරයා ද්‍රෝහියෙක් විදියට හංවඩු ගැහුවට ඇත්තට ම ඔහු ද්‍රෝහියෙක් නෙවෙයි. ඔහු ඉතාමත් දූරදර්ශී යුද සෙනෙවියෙක්. ඔහුගේ දූරදර්ශි බව නොවන්නට ගැමුණු කුමාරයාට විජිතපුර බලකොටුව ජයගන්න බැහැ”
 
මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා මෙසේ අදහස් දැක්වූයේ එතුමාගේ 87 වන සාහිත්‍යය නිර්මාණය වන ‘‘විජයග‍්‍රහණයේ වීරයා - දීඝාභය කුමාරයා” කෘතිය එළිදක්වන මොහොතේ පැමිණ සිටි පිරිස අමතමිනි. 

 
මෙදින හෙළි වූ තවත් සුවිශේෂ කරුණක් වූයේ එතුමා පසුගිය (දෙසැම්බර්) 18 වන දින සිය 87 වන ජන්ම දිනය සැමරූ බවයි. මෙය දෛවෝපගත සිදුවීමකි.
 
‘‘ජයග‍්‍රහණයේ වීරයා - දීඝාභය කුමාරයා” කෘතිය මරදාන එස් මහින්ද මාවතේ දයාවංශ ජයකොඩි සමාගමේ ප‍්‍රකාශනයකි. පැමිණ සිටි පිරිස ඇමතූ බන්දුසේන ගුණසේකර මහතා වඩිදුරටත් සිය අදහස් දක්වමින් මෙසේ පැවසී ය.
 
‘‘ඉතිහාසයේ විවිධ කාලවලදි සිදුවුණ දේවල් යළි යළිත් සිද්ධ වෙනවා. වර්තමානයේ සිද්ධ වෙමින් පවතින්නෙත් එබඳු දේවල්ම යි. අද මේ රට සංස්කෘතික, සදාරාත්මක, ආගමික සහ සභ්‍යත්වය අතින් අන්තිමට ම පිරිහිලා. මේ වගේම රට පිරිහිලා තිබුණු යුගයක තමයි දීඝාභය කුමාරයා රජ රටට පැනල යන්නෙ. එතුමා පැනල ගියපු වෙලාවෙ රටේ බලවත් යැයි නම් දරාපු බොහෝ දෙනෙක් එතුමා ද්‍රෝහියෙක් විදියට නම් කළා. නමුත් තිස්සමහාරාමයේ ත‍්‍රිපිටකතිස්ස හිමියෝ සහ සිලාපස්ස පිරිවෙනේ වැඩසිටි මහාසීව හිමියෝ පවසා සිටියේ එතුමා ගේ පලා යාම දුරදක්නා විචාරවත් ක‍්‍රියාවක් විදියට. ඒ එක්කම කුණ්ඩල බ‍්‍රාහ්මණ අචාර්යතුමා සහ ජයනාත සිටුතුමත් දීඝාභය කුමාරයාගේ නික්මයාම පිළිබඳව අවධාරණයෙන් බලා සිටියා. ඔහුට දොස් පවරන්න ගියේ නැහැ. ඒ වගේ ම එළාර රජතුමාගේ ව්‍යාජ ධර්මිෂ්ටකම සැබෑ ධර්මිෂ්ටකමක් බවට පත්කරන්න පුළුවන් වුණෙත් දිඝාභය කුමාරයා එළාරට එකතු වුණාට පස්සෙ. ඒ සිද්ධියෙන් බොහෝ දෙනෙක් එළාර ගැනත් දීඝාභය කුමාරයා ගැනත් පුදුමයට පත්වුණා.
 
මෙහි විශේෂ ම සිද්ධිය තමයි දීඝාභයගෙ තාත්ත ඒ කියන්නෙ කාවන්තිස්ස රජතුමා දීඝාභය පලා ගියපු වෙලාවෙ කිව්වෙ ‘ඌ ද්‍රෝහි වුණේ ගැමුණුට නෙවෙයි මට’ කියල. නමුත් ඇත්ත තත්ත්වය වටහාගත්තට පස්සෙ කිව්වෙ මොකක්ද? ‘දීඝාභය මගේ ශවෙර බිසවගේ අතිජාත පුතා’ කියල. ඒ නිසා අද සිදුවෙන ඇතැම් සිදුවීම් දිහා වුණත් පටු විදියට නොබලා දූරදර්ශිව බලන්න අපි හුරු පුරුදු වෙන්න  ඕන.”

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us