තිස්ස, 'හිස් ටින්එකේ' අයිතිය 'දෙරණට' දෙයි

Published in කලා
Wednesday, 16 July 2014 09:46

දෙරණ ඩ්‍රීම් ස්ටාර් පස් වැනි අදියරේ සුපිරි තරුව ලෙසින් ජයග්‍රහණය කළ ඇඹිලිපිටියේ එම්.ජී. ධනුෂ්ක ගායනා කළ "හිස් ටින් එකක් වාගෙයි" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

මේ ගීතය අඩංගු "දැන් මතකද" චිත්‍රපටයේ වත්මන් අයිතිකරු වන තිස්ස නාගොඩවිතාන මහතා "හිස් ටින් එකක්" ගීතය දෙරණ නාළිකාවට ඊයේ පැවරුවේය.

"හිස් ටින් එකක්" ගීතය ධනුෂ්ක ගායනා කිරීම නිසා ජනප්‍රියත්වයට පත්වුණා. ඒ නිසා ඒ ගීතය තවදුරටත් ජනප්‍රිය කරවීමේ අරමුණින් එම ගීතය "දෙරණ"ට භාර දුන්නා" යැයි තිස්ස නාගොඩවිතාන මහතා පැවැසුවේය.

1970 මාර්තු 13 වැනි දින රිදී තිරයට පැමිණි "දැන් මතකද?" චිත්‍රපටය එදා නිෂ්පාදනය, අධ්‍යක්‍ෂණය කෙළේ නීල් රූපසිංහය. මේ ගීතයට රඟපෑමෙන් එක් වූයේ සේනාධීර රූපසිංහ, ඇන්තනි සී. පෙරේරා සහ බන්දු මුණසිංහ නළුවන්ය.

අල්හාජ් මොහිදින් බෙග්, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා "හිස් ටින් එකක්" ගීතය ගායනා කළ අතර සංගීතඥ පී.එල්.ඒ. සෝමපාල සංගීතවත් කෙළේය. ගීතය රචනා කෙළේ සිරිල් ඒ. සීලවිමල සූරීන්ය.


හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි //
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ... තිබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි

ඒ වුණත්

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි

ඒ වුණත්

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා

ඇත්ත නේන්නම්...

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

කිසි වාසියක් නෑ හාං...
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

ගායනය - එච්.ආර්.‍ ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
ගී පද - සිරිල් ඒ. සීලවිමල

 

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us