මීළඟ හඬ පෞරුෂය ඔබද? සහතිකපත් ප්‍රදානය

Published in කලා
Sunday, 04 February 2018 10:42

Next Voice Media Acadamy රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදන පුහුණු පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානය 2018 ජනවාරි මස 28 දින පැවැත් විය. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් සහ හඬ කැවීම් ශිල්පීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ගේ දැනුම හා භාෂා කුසලතාවය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ආරම්භ කෙරුණු මෙම පාඨමාලාවේ සමායෝජක ලෙස කටයුතු කළේ Next Voice Media Acadamy හී විධායක නිලධාරි ප්‍රවීණ රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදක ඉම්රාන් හමිඞ්ය. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකවරයෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු පුරා වසර පහළොවක පමණ කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලුණු පළපුරුදු මාධ්‍ය වේදියෙකි. දැනට ඔහු අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය විමර්ශන නිලධාරියා වශයෙන් කටයුතු කරයි.

ජනමාධ්‍ය න්‍යාය හා භාවිතය පිළිබඳ මනා ශික්ෂණයකින් යුතු මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම ද මෙම පාඨමාලාවේ අරමුණ විය. ‘මීළඟ හඬ පෞරුෂය ඔබද?’ යන තේමාව ඔස්සේ ඇරඹුණු මෙම පාඨමාලාව  United Nations හී ඇගයීමට ද පාත්‍ර වී තිබේ.

Next Voice Media Acadamy හි පැවැත්වූ රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදන පුහුණු පාඨමාලාව තුල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ භාෂා නිපුණත්වය සහ නිවේදන හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යොමු කිරීමත් සිදුවිය. එමෙන්ම BBC වැනි ජාත්‍යන්තර තලයේ මාධ්‍යවේදීන්ගේ දේශනවලට සවන් දීමට ද මෙහි ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට අවස්ථාව උදාවිය. පාඨමාලාව සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලීමට අවස්ථාව සලසා දීම මෙහි ඇති විශේෂයකි.


පසුගියදා පැවැති උත්සව අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප පහත දැක්වේ.

next 5 jpgnext 7next 12next 6next 2next 3next 4

27746737 521740811559071 651277452 onext 8next 9next 10next 11

Last modified on Sunday, 04 February 2018 11:06

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us