ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන 2017 ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේදී සම්මානය සමග හත් ලක්ෂ පනස් දහසක තෑගි මුදලක්ද පිරිනැමේ. අවසන් වටය සදහා තෝරාගනු ලබන නවකතා 5 වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමටද සංගමය කටයුතු යොදා ඇත.

‘‘තීර්ථය” සුභාවිත ගී රස වින්දන වැඩසටහනේ පළමු පියවර ප‍්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත‍්‍රී සමඟ අගෝස්තු මස 20 වැනි සෙනසුරාදා ප.ව. 7.00 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වේ. ප‍්‍රවීණ නිවේදක, ගේය පද රචක නිලාර් එන් කාසිම්, කුමාරදාස සපුතන්ත‍්‍රී සමඟ සංවාදගත වෙමින් මෙහෙයවන වින්දනාත්මක කතා බහක් සමඟ, ප‍්‍රවීණ සංගීතඥ නාලක අංජන කුමාර ප‍්‍රමුඛ වාද්‍ය වෘන්දයේ මියැසි නදට හඬ මුසු කරන්නේ ප‍්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ, විශාරද එඩ්වඩ් ජයකොඩි සහ නව පරපුරේ දුමාල් වර්ණකුලසූරිය, මීනා ප‍්‍රසාදිනී විසිනි.

මම සාමාන්යයෙං ෆිල්ම් බලන්නෙ ඒ බලනවෙලාවෙ ෆිල්ම් එකට කැමති තැනකට මාව අරගෙන යන්න ඉඩදෙන විදිහෙ සාපේක්ෂව නිදහස්මතවාද හරනය කරපු මනසකින්. කොහොමත් අර්ථ සඳහාවන ස්ථිර අදහස් මගෙ ඔලුවෙ නෑ. මොකක්හරි මතවාදෙකින් ඔලුව ගල් කරගෙන,

ඉංග‍්‍රීසි සාහිත්‍ය හා ග‍්‍රීක රෝම ශිෂ්ටාචාරය පිළිබඳ ප‍්‍රවීණ දේශක ට්‍රෝයි මහමොහොට්ටාල විසින් රචිත ‘‘ප‍්‍රණයිනී’’ කාව්‍ය සංග‍්‍රහය ජනගත කිරීම මාර්තු 19 වෙනි සෙනසුරාදා සවස 2.30 ට කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බර්මන් කලාශාන්ත ආරච්චිගේ විසින් රචිත ‘143 අංගොඩ’ කාව්‍ය සංග‍්‍රය එළි දැක්වීම 2016 ජනවාරි 30 දින පස්වරු 3 ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

ජනාධිපති- සරසවි -ස්වර්ණ සංඛ ඇතුළු මේ රටේ එතෙක් පැවැති සිනමා සම්මාන උළෙල සියල්ල නතර කොට තිබූ වකවානුවක 2014 වසරේදී lankalive film awards නමින් සිනමා සම්මාන උළෙලක් පවත්වමින් ලාංකේය සිනමා ශිල්පීන්ට සම්මානයේ අභිමානය ප්‍රදර්ශනය කළ lankalivestar.com වෙබ් අඩවිය ලාංකේය සාහිත්‍ය යේ ප්‍රගතිය උදෙසාද ස්වකීය මැදිහත්වීම සනිටුහන් කරමින් අලුත්ආකාරයේ සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ විසින් රචිත යොවුන් නවකතාව (එන්න යන්න අලුත් ගමනක් ) ‘රේල්පීලි’ පිළිබඳ කතිකාවක් නොවැම්බර් මස 16 දින පස්වරු 4.30ට වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසැලේදී පැවැත්වේ.

බෙල්ජියානු ජාතික චිත්‍ර ශිල්පි රෙනෝ මග්‍රිට් ගේ දෘශ්‍යකලා කෘතියකි මෙහි දැක්වෙනුයේ. කලා ඉතිහාස තුළ ඔහු ස්ථානගත වනුයේ අධිතාත්විකවාදි කලා ප්‍රවණතාවයේ සුවිශේෂී ලකුණක් ලෙසිනි. මෙම සිතුවමෙහි නිරූපණය වනුයේ එකිනෙකා මුහුණු ආවරණව සිප ගන්නා ස්ත්‍රි පුරුෂ යුගලකි. නෙතින් නෙත රඳවා ප්‍රේමයක ජීවයක් නොලැබ, ආදර ස්පර්ශයේ උණුසුම ද අහිමි වූ මෙම ප්‍රේමාලිංගනය දුටු වනම අප තුළ තිගැස්මක් ඇති කරයි. මානවීය සබඳතා බිඳ වැටීමක් පිළිබඳ හැඟවුමක් මතුකරයි. ප්‍රේමය පිළිබඳව සමකාලීන අර්ථයෙන් නැවත සිතීමකට සිතිවිලි සකසයි.

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us