රටේ සැබෑ කුමන්ත්‍රණකරුවා රාජපක්‍ෂය

Sunday, 23 November 2014 10:53

නිලන්ත ඉලංගමුව

අහෝ ඛේදයකි! කිසිඳු ගැලපීමක් නැති කරුණක් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහගේ බිරිඳ සමඟ ගලපමින් රනිල්ට ඇති අවස්ථා හෙලිකිරීම, වතමන් දේශපාලන සුනාමියට හසුවී සිටින රාජපක්ෂගේ පළමු ප්‍රතිචාරය විය. මෙවැනි කතාන්තර ගොතන අයවලුන් හැඳින්වීම සඳහා විවිධ මට්ටමේ වාග්මාලාවන් අපේ සුන්දර වූ මව් බසෙහි ඇත්තේය.

මීට වසර කිහිපයකට පෙර, එක්තරා ශිෂ්‍ය දේශපාලන කාරණයක් නිසා, මෙවැනිම වූ කතාවකට මුහුණ දීමට සිදු වූ විශ්ව විද්‍යාල සගයෙකු ගැන මතක් කිරීම මෙහිදී වඩාත් උචිතය. තම සගයාට පෙරළා පිළිතුරු දීම සඳහා කදිම වග්මාලාවක් ඊට මුහුණදුන් සිසුවා විසින් භාවිතා කළේය. බස වූ කලී භාවිත කිරීමට හැකි වඩාත් බලවත්ම මෙවලම නිසාත් පවතින දෑ නිවැරදිව තේරුම් ගැනීමට අවශ්‍ය නිසාත්, පාඨක ඔබෙන් අවසර ඉල්ලමින් අදාළ සගයාගේ පිළිතුර මෙහි උපුටා දැක්වීමට කැමැත්තෙමි. ඔහු පෙරළා තම සහයාට කිව්වේ, “මෙවැනි කුපාඩි කතාවක් හැරෙන්නට මොළේ ඇති වචනයක් කීමට ඔබ මේ මොහොතේ බුද්ධිමත් නොවීම සකලවිද ශිෂ්‍ය දේශපාලනයේ භාග්‍යක් මැයි”, කියාය.

රටේ ජනාධිපති, නීතයට අධිපති හෙවත් වෝහරපති ලෙස සම්මානලත් එකම නායකයා, ප්‍රභාකරන් මරා ඔහුගේ මළ සිරුරට අඹුඩය ගසා ඒ මතින් මඩ ඇතිරූ යුධ වීරයා, චීන සහ රුසියානු විශ්ව විද්‍යාල මඟින් මහාචාර්ය පදවියෙන් පිදුම්ලත් බුද්ධිමතා, තම සගයින්ගේ තිබු කුඩා අඩුපාඩු නිසා ඔක්ස්ෆර්ඩ් සරසවියේ සියලුම සිසුන්ට තම ජීවිත කාලයම වෙනස් කර ගැනීමට තිබූ උත්තරීතර අවස්ථාව නූලෙන් මඟ හැරීමෙන් සාදාරණ කලකිරීමකින් ජීවත්වන නායකයා, මනුෂයින්ට වඩා රත්‍රන් සහා ග්‍රහලෝකවලට ඇලුම් කරණ නායකයා, ඇමෙරිකානු සී. අයි. ඒ. සංවිධානය මඟින් මරා දැමීමට ( සභාවේ සිනහා) උත්සහ කරණ පෙරදිග දේශපාලනය අලුතින් ලියු දේශපාලනඥයා; වන මහින්ද රාජපක්ෂ මැතිතුමා මුහුණ දී සිටින යතාර්ථය මෙයයි. මෙය හමුවේ ඔහු තෝරාගන්නේ බොරුව සහ අවිය පමණි. ඊට මුහුණ දීම සඳහා අහිංසාවාදී වැඩපිළිවෙලක් පොදු විපක්ෂට තිබිය යුත්තේය. එකාවන්ව පෙරට ගමන් කළ යුතුව ඇත.

රාජපක්ෂ, මෛත්‍රී සමඟ මෛත්‍රී ගැලපීමෙන් පැය කිහිපයකට පසු, තමන් කිසිවෙකුගෙන් පළිනොගන්නා නායකයෙක් බව කිව්වේය. ජනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන්ද මේ ආකාරයෙන්ම් ඔහු කතා කළ අතර අවසානයේදී ජනරාල් ෆොන්සේකාට පන්නා පන්නා දෂ්ඨ කළේය. ඔහු දේශපාලනික වශයෙන් නනත්තාර කළේය. ජනාරාල් ෆොන්සේකා මිතුරු වේශයෙන් සිටි සතුරන් හඳුනා ගැනීමට නොහැකි වීමෙන් නොසිතු විරූ අර්බුධයකට මුහුණ දුන්නේය. කෙසේ වෙතත් නව ආණ්ඩුවක් යටතේ හෙතම ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් වුවහොත් රටේ දෛවෝපසහගත සිදුවීම් රැසක් සිදුවනු ඇත. ස්වභාවික නීතියට අනුව එය එසේ විය යුත්තේය.

රාජපක්‍ෂ රට පාලනය කරනවා යැයි කියමින් හොරකම් කළ මුදල් වලින් තම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්නේය. ඔහු අනෙකාව “වෛශ්‍යාවන්” යැයි සිතා මිලදී ගන්නේය. ඔහු මිලදීගත් අයවලුන් ඔහුට අවශ්‍ය ආකාරයෙන් කූඩු කරන්නේය. තම මතෘභූමිය ගැන තබා තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන හෝ කිසිඳු ආත්ම ගරුත්වක් නැති අයවලුන් ඔහුගේ මුදලට යටවී තව දුරටත් මෙම දේශය ලෝකය හමුවේ හුදකලා වූ නීරස සහ අසමත් රාජ්‍යක් බවට පත් කරති. රාජපක්ෂ තමන්ගේ නාඩගම පෙර පරිදිම ඉදිරියට ඇදගෙන යන්නේය. ක්‍රෑර පාලකයා වූ කලී තම දෑස් ඉදිරිපිට ඇති ඕනෑම දෙයක් හපා කෑමට පුරුදු වී සිටින්නෙකි; යනුවෙන් ප්‍රකට ඇමෙරිකානු කතුවරයෙකු වන ස්ටීවන් බිසේට් සඳහන් කළ කාරණය රාජපක්ෂ අරඹයා මොනවට තහවුරු වී ඇත.

ඔහු සහ ඔහුගේ පවුලේ අයවලුන් මෙරට වාර්ෂික අයවැයෙන් සීයට හැත්තෑවක් පමණ පාලනය කරමින් ගෙන යන සෙල්ලම හමුවේ අදහාගත නොහැකි අයථා ගනුදෙනු සිදු වූ බව රහසක් නොවේ. ඊට අමතරව චීනය ඇතුළු රටවලින් ලබාගත් ණය මුදල්වල කළමනාකරණයද රාජපක්ෂ තම පවුල තුළ රඳවා ගැනීමට කටයුතු කළේය. කොටි සංවිධානය සතු වූ අවි ආයුධ සහ මුදල් මෙන්ම රත්‍රන් ගැන ඇත්තේ වෙනම කතාවකි. තමන්ගේ අවලස්සන දේශපාලනය වසාගැනීම සඳහා සහ රට තුළ දේශපාලනය නාමයෙන් ගෙන ගිය මුලාව දීර්ඝ කාලීන කර ගැනීම සඳහා රාජපක්ෂට මෙරට තානාපති සේවාව තමන්ගේ අතකොළුවක් බවට පත් කර ගැනීමට සිදු විය. එමඟින් ඔහුගේ යථාව වසා දැමිය හැකි බව ඔහු විශ්වාශ කළේය. පසුගිය කාලය පුරා මෙරට විදේශ සේවයේ ඇති වූ සියලු අවමාන සිදුවීම් වල ඇති දේශපාලනය වන්නේ මෙයයි. එක් අයෙකු විසින් තවත් අයෙකුගේ කණ පැලීම රාජපක්ෂ හමුවේ ශුද්ධ දේශපාලනික කාරණයකි. ඒ නිසා සිදුවීමද, සිදුකරන්නාද ආරක්ෂා කරගනිමින් ගොදුර ක්‍රමිකව සහ කෛරාටකව පාලනය කළ යුත්තේය. එය ඔහු කළේය.

මෙයින් පෙනීයන කාරණය වන්නේ රටේ මුදල් හොරාකෑම නොහත් යටිමඩි ගැසීම නොහොත් ඔහුගේ අර්ථ දැක්වීමට අනුව “දේශ හිතෛශිභාවයේ” සැබෑ උරුමකරුවා රාජපක්‍ෂය. ඔහු රටේ ජනතාවගේ අරක්ෂකයාද භාරකාරයාද වන්නේ එලෙසය. මෙලෙස රටේ සම්පත් ඔහුට සහ ඔහුගේ පවුලට රිසි සේ භාවිතයට ගැනීමට ඉඩදීම රටේ ගෞරවය පිළිබඳ කාරණයක් බව පසුගිය වසර කිහිපය මුළුල්ලේම සඳහන් කළ කාරණය මේවන විට මුළු රටම අවබෝධ කරගෙන ඇති සැටියෙකි. රාජපක්ෂ මුහුණ දී සිටින්නේ ඔහු සිහිනයකිඳු සිතූ විරෝධයකට නොවේ. මෙම තත්වය හමුවේ ඔහුට ඔහුගේ බිරිඳ පමණක් නොව පුත්‍රයා කෙරෙහිද සැකය උපදී.

අවසානය පෙණෙන නමුත් ඊට යායුතු මාර්ගය නොපෙනන විටදී සහ ඊට අවශ්‍ය සිහිනුවණ නැතිවිට බොහෝ දෙනෙකු තම සිහිනය හමුවේ විඩාවට පත් වේ. බලය විසින් මිනිසා උන්මන්තකයෙකු කරනු ලබන්නේ ඒ ආකාරයෙනි. ඊට එනම් බලයට, සීමාවක් සහ විනයක් නොතිබූ විට තම අවසානය ඛේදවාචකයක් වේ. රාජපක්ෂ මුහුණ දී සිටින්නේ එම බරපතළ අවදියට යැයි කීම අතිශෝක්තියක් නොවේ.

මෙම අවබෝධය වෙනතකට යොමුකොට තම බලය රැක ගැනීම සඳහා රාජපක්ෂට කළ හැකි පියවර කිහිපයක් ඇත. එනම් රටේ ජනතාවට සිදුවන දේශපාලන පෙරළිය ගැන ව්‍යාකූල සහ විකෘති තොරතුරු ලබාදීම මෙහි පළමු පියවර වේ. එය පසුගිය කාලය පුරාම සිදු කිරීම සඳහා ඔහුට පැහැදිලි අවකාශයක් තිබුණි. මන්ද තම පක්ෂය තුළ පැවති දැඩි විරෝධය හොඳින් හෝ නරකින් මර්ධනය කර ගැනීමේ හැකියාව ඔහුට තිබුණි. තම මර්ධනීය කෞශල්‍ය සදාකාලික එකක් බව ඔහු සිතුවා පමණක් නොව ඊට ඒකාබද්ධ වූ මිලිටරිය ඔහුගේ සිතුවිළි යථාර්තයක් කළේය.

රාජපක්ෂට නරක වඩාත් නරක ලෙස කිරීමට අවශ්‍ය පසුබිම සහ රිසි නිදහස සකස්වීම මෑත කාලීන ලංකාවේ සිදු වූ වැදගත්ම පෙළගැසීමකි.

තම මුලාව පවත්වා ගැනීම සඳහා, චීනයෙන් ගෙන්වා ගත් කඩදාසි මෙන්ම තමන්ගේ සගයින්ට අණදීමෙන් තනා ගත් පාප්ප වලින් රටේ තාප්ප නැහැවිය හැකිය. නමුත් මෙම පැරණි ප්‍රචාරණ ක්‍රමෝපාය තවදුරටත් වලංගු භාවයෙන් යුක්ත එකක්ද යන්න ගැටලු සහගතය. සැබවින්ම මෙය ජනතාවට හිසරදයකි. පද්ධතිය තුළ වලංගු නොවන මෙවැනි දෑ මඟින් ඔහු තවදුරටත් සාමාන්‍ය ජනතාවට අප්‍රසන්න චරිතයක් බවට පත්වනු ඇත.

රාජපක්ෂ සමඟ ගිලෙමින් පවතින නැවේ තවමත් ලගුම්ලා ගෙන සිටින සියලුම දේශහිතෛශී මහත්වරුන්ට තමන්ගේ දේශහිතෛශීභාවය කිරා මැන බැලීම සඳහා මෙය කදිම අවස්ථාවකි. මෙම දින 45 තුළ ඔවුහු පළමුවෙන්ම කළ යුතු වන්නේ, රාජපක්ෂ බලයට පත් වූ පසු සහ මේ වන විට තමන් සහ තමන්ගේ ඥාතීන් සතු වත්කම් ප්‍රමාණය රටට හෙළිකොට තම මහත්මා දේශපාලනය පෙන්වීමය.

තම දේශහිතෛශීබව පෙන්වීම සඳහා රාජපක්ෂ ජනාධිපතිවරයාට එතරම්ම කැක්කුමක් තිබේනම්, ඔහුට තවත් අඩියක් ඉදිරියට තැබිය හැකිය. එනම් තම සහෝදරයින් දෙපළට ඔවුන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ප්‍රසිද්ධියේ අහෝසී කරගැනීම සඳහා සහය වීමය. එවැනි ශුද්ධ වූ කටයුතුවලින් හැරෙන්නට අලි බබා සහා හොරු හතළිය සමඟ ගිලෙන නැව ගොඩගැනීමට කිසිවෙකුටත් නොහැකිය. එය ගිලීයන්නේ යම රජුන්ගේ අධිකරණයටය. ගිලෙන වුන් රැක ගැනීමට සක්‍රයා, මාතලී එවන්නේ නැත. මන්ද මාතලී මෛත්‍රී බවුන් වඩා රටේ වැදගත් ගැටලුවකට මේ වනවිටත් අතගහ සිටින බැවිනි.

රටේ දේශපාලන පොරය යමපල්ලන්ගේ සහ දිව්‍ය පුත්‍රයන්ගේ සටනක් බවට පත් වී ඇත්තේ එමඟිනි. මෙහි ඇති වාසිය වූ කලී යමපල්ලනට අවශ්‍යවන්නේ ගිලෙන නැව සුරලොවට රැගෙන යෑමට නොව අපායේ සුවිශේෂී ස්ථානයකට රැගෙන යෑමටය. යමපල්ලනට පවා අවශ්‍ය වී ඇත්තේ රටේ නිදහසට ගරුකරමින් හොරකමට සහ දූෂණයට එරෙහිව වන සාමාන්‍ය ජනතාවට සහයෝගය ලබාදීම යැයි පෙනේ.

මෙම කාරණා සියල්ල තුළින් අවබෝධ වන පොදු කාරණය වන්නේ රටේ සැබෑ කුමන්ත්‍රණකරුවා රාජපක්ෂ මිස වෙන කිසිවෙකු නොවන බවයි. පෙළගැසෙමින් පවතින විරෝධය මැනවින් තේරුම් ගැනීම, ඒ සඳහා ඒකරාශි වීම, සහ එය රටේ සියලුම ජනතාවට එන්නත් කරවීම උදා වී ඇති තීරණාත්මක අවස්තාවේදී අතිශය වැදගත් වේ. කාලය අතිශය සීමා සහිතය. නමුත් කළ හැකි බොහෝ දෑ තිබේ.

සෑමවිටම කුමන්ත්‍රණකරුවාට එරෙහිව ඇති වැදගත් සහ දිගු කාලීන අවිය වනාහී අහිංසාවාදය සහ ඒ වෙනුවෙන් සිදුකරන විනයානුකූල ප්‍රචාරණයයි.

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us