කැලෙන් අල්ලාගත් අලි පැටවුන් 14 ක් නීති විරෝධීව ලියාපදිංචි කර ඇත

Thursday, 25 December 2014 11:15
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2009 වසරෙන් පසුව ලියාපදිංචි කළ අලි පැටවුන් ගෙන් 14ක් නීති විරෝධී ලෙස කැලයෙන් අල්ලාගත් සතුන් බවත් එම සතුන් නීති විරෝධී ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි කර ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද විගණන විමසුමකට අනුව තහවුරු වී තිබේ.
මේ සම්බන්ධයෙන් පළමු වාර්තාව 2014 ජූලි 22 වන දින අලි පැටවුන් 4 ක් සඳහා නිකුත් කළ අතර දෙවන වාර්තාව 2014 ඔක්තෝබර් 17 වන දින පැටවුන් 10 ක් සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. 
 
මෙම වාර්තා දෙකට අනුව වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්, උදේනි වික්‍රමසිංහ මහතා වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ වැඩ බැලූ සමයේ වැඩිම නීති විරෝධී බලපත්‍ර ප්‍රමාණයක් ලෙස බලපත්‍ර 7 ක් නිකුත් කර තිබේ. අනෙක් බලපත්‍ර 7 නිකුත් කර ඇත්තේ හිටපු වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු වන චන්ද්‍රවංශ පතිරාජ මහතා හා වර්තමාන වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය හොබවන එච්.ඞී. රත්නායක මහතා ය. මෙම බලපත්‍ර සියල්ලම ලබාදීම සඳහා ව්‍යාජ ලේඛන සැකසීම හා ව්‍යාජ ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තා ලබා දී ඇත්තේ දැනට වැඩ තහනමකට ලක්ව සිටින එවකට නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ සහකාර අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කළ උපාලි පද්මසිරි මහතා විසිනි. මේ සියලූ නිලධාරින් විසින් මුදලට ඇති කෑදරකමට වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත හා පොදු දේපල පනත උල්ලංඝණය කරමින් නීති විරෝධී බලපත්‍ර ලබා දීම සිදු කර තිබේ. මේ සියලූ ක්‍රියාවලීන් හරහා මොවුන් උල්ලංඝණය කර ඇත්තේ මෙම අලි පැටවුන්ගේ නිදහස් ජීවන අයිතියයි. 
 
මෙම විගණන විමසුම් වාර්තා දෙකට අනුව වනාන්තරයෙන් අල්ලා ගෙන නිති විරෝධි ලෙස අලි පැටවුන් ල`ග තබාගෙන සිටින්නේ මහේස්ත්‍රාත්වරයකු වන තිලිණ ගමගේ, ජනාධිපති උපදේශකයකු වන අජිත් ගාල්ලගේ,  ඕපාත, හසන්ති චම්පිකා සමරසේකර, පොකුණුවිට, කිත්සිරි කහටපිටිය, මීගොඩ, භාරත දේශප්‍රිය අමරතුංග, අමිතිරිගල, ඩබ්.එම්.ඞී.පී. සඳමාලි විජේමාන්න, බියගම, ඩබ්.පී.එච්. දිප්ති කුමාර, කොට්ටාව, කමල් කිත්සිරි ඉරුගල්බණ්ඩාර, බණ්ඩාරගම, එස්.සී. හපුආරච්චි, මහරගම, සමරප්පුලිගේ නිශාන් දම්මික හා මහරගම, සමරප්පුලිගේ නිරාජ් රොෂාන් යන මහත්ම මහත්මීන් ය. නමුත් ඔවුන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැත.
 
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව වනාන්තරයෙන් අල්ලා ගනු ලැබූ අලි පැටවකු 1982 අංක 12 දරන පොදු දේපල විෂයයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ (පොදු දේපල පනත) පොදු දේපලක් ලෙස සලකණු ලැබේ. එ් අනුව අලි පැටවකු ලඟ තබාගෙන සිටින පුද්ගලයකු 1997 අංක 30 දරන ඇප පනතේ හා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධි විධාන වලට යටත්ව ඇප ලබාදිය නොහැකි වරදක් සිදු කළ පුද්ගලයකු වේ. මෙවන් නීතිමය තත්වයන් අති බහුතරයක් පැවතිය ද නීති විරෝධි අලි පැටවුන් ලියාපදිංචිය, ල`ග තබා ගැනීම හා විකිණීම සම්බන්ධයෙන් මෙතෙක් එම නීතිරීති ක්‍රියාත්මක කර නොමැත. ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවන් දෑ සිදුවන්නේ කෙසේ ද යන්න ගැටළු සහිත ය. 
 
ප්‍රභූවරුන් බොහෝමයක් අලි පැටවුන් ජාවාරමේ නිරතව සිටීම හා ඔවුන්ගේ රැකවරණය ලබමින් අනෙක් පිරිස් කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වී තිබෙන බව පෙනී යයි. මහේස්ත්‍රාත්වරුන්, ජනාධිපති උපදේශකවරුන් ඇතුළු ප්‍රභූවරුන් මෙම අලි පැටවුන් ජාවාරමේ යෙදී සිටීම හේතුවෙන් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සැමට සමානව සර්ව සාදාරණව විය යුතුය යන තත්ත්වය අද වන විට අලි පැටවුන් ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවේ. මින් පෙනී යන්නේ නීතිය වල් වැදී ඇති බව පමණක් නොව රටේ නිීතිය ඇතුළු සියල්ල අරාජිත වී ඇති බවකි. 
 
ජනාධිපති උපදේශක අජිත් ගාල්ලගේ මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දෙමින් සඳහන් කර ඇත්තේ තමා සන්තකයේ සිටින අලි පැටවුන් ජනාධිපතිතුමන්ට අයත් බව ය. එම සතුන් නීති විරෝධි ලෙස වනාන්තරයෙන් අල්ලාගෙන නීති විරෝධී ලෙස ලියාපදිංචි කර ඇති බවට විගණන විමසුම් වාර්තාවට අනුව තහවුරු වී තිබීමෙන් පෙනී යන්නේ ජනාධිපතිතුමන් ද නීතිවිරොධී ලෙස අලි පැටවුන් සන්තකයේ තබාගෙන සිටින බව ය. මේ හේතුවෙන් නීතිවිරෝධී අලි පැටවුන් ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන තත්වයක් රට තුළ නිර්මාණය වී තිබේ. එපමණක් නොව නිලධාරීන් විසින් ද කිසිදු බියකින් තොරව මුදල් ලබා ගනිමින් නීති විරෝධි බලපත්‍ර නිකුත් කිරීම දිගින් දිගටම සිදු කරනු ලබන්නේ ද විධායකයෙන් ලැබෙන රැකවරණය මධ්‍යයේය.
 
මේ සියලූ අලි පැටවුන් ලියාපදිංචි කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීම අදාළ අලි පැටවුන් හිමිකරුවන් හා වනජීවි සංරක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරින් විසින් සිදු කර තිබේ. ව්‍යාජ ලේඛන සැකසීමට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයට අනුව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවති. විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ වාර්තා ඉදිරිපත් කර මේ වන විට මාස කීපයක් ගත වී ඇතත් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ සියලූ රාජ්‍ය ආයතන මෙතෙක් අපොහොසත් වී තිබේ. ලංකාවේ වැඩිම අණ පනත් ප්‍රමාණයක් උල්ලංඝණය කරමින් සිදු කළ ජාවාරම ලෙස අලි පැටවුන් ජාවාරම හදුනාගෙන තිබුණ ද රටේ පළමු පුරවැසියාගේ සිට මේ සඳහා වගකිව යුතු බැවින් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතී. ඉන් පෙනී යන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් ම අහිමි වී ඇති බව ය. යහ පාලනය වෙනුවට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අලි ජාවාරම්වල නිරතවන බව ද ඉතාම පැහැදිලි ය. 
 
අද වන විට මහ පරිමාණයෙන් සිදු කෙරෙන අවිධිමත් සංවර්ධනය හේතුවෙන් වාසස්ථාන අහිමිවීම හා වාසස්ථාන ඛණ්ඩනය වීම නිසා උද්ගත වී තිබෙන අලි - මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මිය යන අලි  - ඇතුන්ගේ ප්‍රමාණය 230 දක්වා වර්ධනය වී තිබේ. ඒ අතරතුර 2007 වසරේ සිට මේ දක්වා කාලය තුළ දී අලි පැටවුන් 70 කට වැඩි ප්‍රමාණයක් වනාන්තරයෙන් අල්ලා හීලෑ කිරීම සිදු කර තිබේ. එම ක්‍රියාවලියේ දී පැටවුන් 15 කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබේ. මේ තත්ත්වයන් වල ප්‍රතිඵලයක් ලෙස අප රටේ අලි -  ඇතුන්ගේ ගහනය ඉදිරි වසර කීපය තුළ දී දැවැන්ත අඩුවීමකට මුහුණ දීමට නියමිත ය. දැනට සිදුවන සීග්‍රතාවයෙන් අලි පැටවුන් ජාවාරම සිදුවුවහොත් අනාගත පරපුරක් බිහිකිරීමට සිටින සතුන් පරිසරයෙන් ඉවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස අලි - ඇතුන් වඳ වීම ඉතාම කඩිනමින් සිදුවනු ඇත. එසේ සිදුවුවහොත් එය ස්වාභාවික පරිසරයේ පැවැත්මට හා තුළිතතාවයට පමණක් නොව රටේ ආර්ථිකයට ද දැවැන්ත ලෙස බලපානු ඇත. ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් රැඳි ඇත්තේ අලි - ඇතුන් මතය. එම සුවිශේෂි පුරුක ස්වාභාවික පරිසරයෙන් ඉවත් වුවහොත් එ් මත පදනම් වූ සංචාරක කර්මාන්තයෙන් වැඩි කොටසක් බිද වැටීමට ලක්වනු ඇත. ඉන් රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් අහිමි වී යයි.
 
මෙවන් තත්ත්වයක් ඇති නොවීමට නම් අලි පැටවුන් ජාවාරම නතර කිරීමට නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කළ යුතු ය. ඒ සඳහා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතු අතර, යහ පාලනය ඇති කළ යුතු ය. එසේ නොවන තාක්කල් අලි - ඇතුන් ඇතුළු ව සියලූ ජෛව ප්‍රජාවගේ පාරිසරික අයිතිය තහවුරු කළ නොහැකි වනු ඇත. එය එසේ සිදු නොවුනහොත් රටේ සමස්ථ පිරිහීමට ඒ තත්ත්වයම හේතුවනු ඇත. 
 
මහරගම, සමරප්පුලිගේ නිරාජ් රොෂාන් භාරයේ සිටින “සිගිති නම් අලි පැටවා
 
Sigithi
 
 
මීගොඩ, භාරත දේශප්‍රිය අමරතුංග භාරයේ සිටින “චූටි මැණිකේ නම් අලි පැටවා
 
Chuti-Manikae
 
 
 මහේස්ත්‍රාත්වරයකු වන තිලිණ ගමගේ භාරයේ සිටින “සකුරා නම් අලි පැටවා
 
Sakura
 
 
කොට්ටාව, කමල් කිත්සිරි ඉරුගල්බණ්ඩාර භාරයේ සිටින “පංචාලි නම් අලි පැටවා
 
Panchali
 
සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය 
 

 

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us