පුටින්ගේ කුරුමිණි සෙල්ලමෙන් බැසිල් බලය ගන්න හැටි

Saturday, 23 December 2017 09:00

"රුසියාවේ පුටින් බලයට ගෙනාවා වගේ 2020දී අපි මහින්ද රාජපක්ෂ මහතා බලයට ගේනවා. මියන්මාරයේ අවුන්සාන් සුකී ඩ්‍රයිවර් දමලා දින්නා වගේ මහින්ද රාජපක්ෂ මහතා බලයට ගේන්න පුළුවන්" යනුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා ප්‍රකාශ කරන ලදී.

පුංචි ඡන්දයෙන් රත් වෙමින් තිබුණු දේශපාලන ලෝකය බැසිල්ගේ මෙම ප්‍රකාශයත් සමඟ අලුතෙන් රත්වන්නට පටන් ගෙන ඇත. 2020දී පැවැත්වීමට නියමිත තීරණාත්මක ප්‍රධාන මැතිවරණ දෙකක් වන ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයට පාර කපන මැතිවරණය වශයෙන් මෙම පළාත් පාලන ඡන්දය බොහෝ දෙනෙක් හඳුන්වති. එම නිසා මෙය පුංචි ඡන්දය වශයෙන් හැඳින්වීම එතරම් සාධාරණ නැත.

බැසිල්ගේ මේ කතාවට වැඩිපුරම බියවී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයයි. මහින්ද 2020දී යළි බලයට ගෙන ඒමට නම් මහින්දගේ ඩ්‍රයිවර් කවුරුන්ද? යනුවෙන් ඔවුහු ප්‍රශ්න කරති.

මීට පිළිතුරක් ලබාදෙමින් විශ්වවිද්‍යාලයක ජේ‍යෂ්ඨ මහාචාර්යවරයකු ප්‍රකාශ කළේ මහින්දට රියැදුරන් ඕනෑ තරම් සිටින බවයි. බැසිල් හා ගෝඨා ඉන් රියැදුරන් දෙදෙනකු පමණක් බවයි.

2020දී මහින්ද බලයට ගෙන ඒමේ කර්තව්‍ය මේ වන විට බැසිල් රාජපක්ෂ සියතට ගෙන තිබෙන බවක් පෙනේ. ඔහු ප්‍රකාශ කරන ආකාරයට මේ වන විට සෑම පැත්තකින්ම ඇදවැටී තිබෙන මෙම රට ගොඩගත හැකි එකම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි.

රුසියාව පුටින් විසින් ක්‍රම ක්‍රමයෙන් ගොඩනැඟුවේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ගෙන් එල්ල වූ දහසක් බාධක මධ්‍යයේය.

කාලයකට පෙර ඇමෙරිකාව හා රුසියාව ලෝකයේ සිටි බලවතුන් වූ අතර රුසියාවේ කඩා වැටීම ආරම්භ වූයේ 80 දශකයේදී ගොරොබොචොෆ්ගේ කාලයේදීය. ඉන්පසුව රුසියාවට ඔළුව උස්සන්නම දුන්නේ නැත. යළි රුසියාවට දෙපයින් නැඟී සිටීම සඳහා කොන්ද කෙළින් තබාගෙන වැඩකරන නායකයකු අත්‍යවශ්‍යව තිබුණේය. ඊට හොඳම විකල්පය රුසියාවට ලැබුණේය. ඒ ව්ලැද්මීර් පුටින්ය.

මියන්මාරයේදී සිදුවූයේ යම් උපක්‍රමශීලී පෙරළියකි. මිලිටරි ජුන්ටාවෙන් අවුන්සා සුකී නිදහස් වී පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සුකී ජයග්‍රහණය කළාය. නමුත් ඇයට ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි වූයේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊට හරස් වූ නිසාය. නමුත් අවුන්සා සුකී පසුබට නොවීය. ඇය කළේ ජනාධිපතිවරණය සඳහා සුකීට විශ්වාසවන්තම පුද්ගලයා වන ඇයගේ රියැදුරා ජනාධිපති ධුරයට ඉදිරිපත් කිරීමයි. රියැදුරාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුකී රට වටේම ගියාය. සුකීගේ රියැදුරා ජනාධිපති ධුරයට පත් විය. ජනාධිපති කාර්යාලයේ ඇමැති ධුරයක් නිර්මාණය කරගත් සුකී අමාත්‍ය ධුරයට පත්වී ඉන් පසුව අගමැති ධුරයට සමාන තනතුරක් නිර්මාණය කොට අගමැති ධුරයට පත්විය.

පුටින්ගේ ක්‍රමයට හෝ සුකීගේ ක්‍රමයට 2020දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි බලයට ගෙන ඒමට සූදානම් වනවා නම් ඒ සඳහා යන ගමනේ සුක්කානම මෙහෙය වන පුද්ගලයාට අති විශාල වගකීමක් ඇත.

මේ වන විට එම සුක්කානම ගෙන තිබෙන්නේ බැසිල් රාජපක්ෂ බව ඔහුගේ ඇතැම් ප්‍රකාශවලින් ගම්‍ය වේ. 2015 ජනවාරි 8දා මහින්දගේ පරාජයට හේතු හැමදෙනාටම වඩා දන්නේ බැසිල්ය. ඒ එම ජනාධිපතිවරණය මහින්ද වෙනුවෙන් මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයා බැසිල් රාජපක්ෂය.

නමුත් බැසිල් නොදැකපු දෙයක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය එදා දැක්කාය.

ඒ උතුරු-නැඟෙනහිර දෙමළ, මුස්ලිම්, ඡන්දවල වාසිය උපරිම ආකාරයෙන් ලබාගැනීමේ කාරණයයි. 2010 ජනාධිපතිවරණය පැවැත්වුණේ කොටි නායක ප්‍රභාකරන් විනාශ කරපු උණුසුමත් සමඟ වීම නිසා එම ජනාධිපතිවරණයෙන් මහින්දට තිබුණේ තනි අශ්වයකුගේ තරගයක් පමණි. 2010දී මහින්ද ගෙදරට වෙලා හිටියත් අනිවාර්යෙන්ම මේ රටේ රාජ්‍ය නායකයා වන බව බොහෝ දෙනෙක් දැනගත්හ.

වැඩි ඡන්ද ලක්ෂ 18කින් එදා 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද ජය ගත්තේ ඒ නිසාය. 2005දී මෙන් එවර ජනාධිපතිවරණයත් මහින්ද වෙනුවෙන් මෙහෙය වූයේ බැසිල් රාජපක්ෂය. නමුත් 2015දී තත්ත්වය ඊට පෙර පැවැති තත්ත්වයට වඩා වෙනස් විය. මෙහිදී උතුරු - නැඟෙනහිර දෙමළ මුස්ලිම් ඡන්දවලින් ලක්ෂ 4ක් 5ක් පමණ තීරණාත්මක වන බව චන්ද්‍රිකා ඉතා හොඳින් දැන සිටියේ ඒ ගැන හොඳ හැටි ගණන් බලා තිබූ නිසාය. එම නිසා එම පළාත්වල දෙමළ, මුස්ලිම් ඡන්දදායකයන්ගේ ඡන්ද කෙසේ හෝ මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයාට ලබාගැනීම සඳහා චන්ද්‍රිකා සැලසුම් කළාය.

චන්ද්‍රිකා එසේ සැලසුම් කරන විට බැසිල් සමඟ දිවෙන් දිව ගාගෙන සිටි රිෂාඩ් බදියුදීන් මහින්ද හැරදා මෛත්‍රිට එක් විය. රවුෆ් හකීම්ද මහින්ද හැරදා මෛත්‍රිගේ ළඟට යන්නට ගියේය. කඳුකරේ ඇතැම් නායකයෝද ඒ ක්‍රමය අනුගමනය කළහ.

උතුරේ බහුතරයක් දෙමළ ජනතාව සිටියේ මහින්ද එක්ක තරහා වෙලාය. ඒ ප්‍රභාකරන්ව විනාශ කිරීම නිසාය. උතුර දිව්‍ය ලෝකයක් කළත් මේ මිනිස්සු ඉන්නේ මහින්ද එක්ක තරහෙන්. ඒ ප්‍රභාකරන් විනාශ කරපු නිසා යනුවෙන් ලියුම්කරු 2013දී උතුරට ගිය අවස්ථාවේදී එක් ජේ‍යෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවැසීය. ප්‍රභාකරන් විනාශ කිරීම නිසා වැඩිපුරම නිදහස ලැබුණේ උතුරේ දෙමළ ජනතාවට බව ඒ මිනිස්සුන්ට හොඳින් තේරුම් ගත හැකි වැඩපිළිවෙළක් උතුරු වසන්තය හා නැඟෙනහිර නවෝදය වැඩසටහන්වලින් ගෙන යෑමට බැසිල්ට හරිහැටි නොහැකි විය. මෙම කාරණාද මහින්ද ඡන්ද ලක්ෂ 4කින් පරාජයට පත්වීමට බලපෑවේය.

2020දී ජනාධිපති අපේක්ෂක ගෝඨාද, චමල්ද නැත්නම් වෙනත් කෙනකුද කියන කාරණය අදාළ වන්නේ නැත. තමන් වෙනුවෙන් මේ ඕනෑම කෙනකුට ඡන්දය ලබාදෙන ලෙස මහින්ද ඉල්ලීමක් කළහොත් ජනතාව ඊට ප්‍රතිචාර දක්වනු ඇත. 2020 ජනාධිපතිවරණය එසේ ජයගතහොත් ව්‍යවස්ථා සංශෝධනයකින් මහින්දට රටේ නායකත්වයට පත්වීමට හැකිය. අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වීමට මහින්දට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිම බාධාවක් නැත.

එම නිසා බැසිල්ම කියන ආකාරයට 2020දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි බලයට ගෙන ඒමට හැකියාවක් තිබේ. ඊට අවශ්‍ය වන්නේ ජනමතය පමණි. නමුත් එම ජනමතය නිවැරැදි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් බැසිල් සතු විය යුතුය. ඒ සඳහා බැසිල්ට උපක්‍රම තිබිය යුතුය.

"මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පරාද කළේ මම නම් මං ආපහු ඇමෙරිකාවට යන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ආපසු ජයග්‍රහණය කරවලයි." යනුවෙන් ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව මේ පාර වැඩේ හරියට නොකොළොත් බැසිල් රාජපක්ෂට දිගටම ශ්‍රී ලංකාවේ සිටීමට සිදුවනු ඇත.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු
මව්බිම

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us