චීනයෙන්, ඉන්දියාවට ඩොලර් බිලියන විස්සක ආයෝජන

Published in විදෙස්
Friday, 19 September 2014 09:28

ඉදිරි වසර පහ ඇතුළත ඉන්දියාවේ යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන විස්සක් ආයෝජනය කෙරෙන ගිවිසුම්වලට චීනය අත්සන් තබයි.

දෙරට අතර ආර්ථික සන්ධිස්ථානයක් සලකුණු කරමින් මේ බව නිවේදනය වූයේ චීන ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ දෙවන දිනයේදීය.

ඉන්දියාවේ අධිවේගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීම සඳහා ද චීනය මුදල් ආයෝජනය කරන බව වාර්තා වේ.

මීට අමතරව වෙළඳ සහයෝගිතාව, අභ්‍යවකාශ ගවේෂණ සහ න්‍යෂ්ඨික බලශක්ති සංවර්ධනයටද චීන මුදල් යෙදවීමට ගිවිසුම් ඇති වූ බව දිල්ලි නුවර සිටින බීබීසී වාර්තාකරු පවසයි.

මේ අතරතුර දෙරට අතර පවතින දේශ සීමා ප්‍රශ්ණ ඉතා ඉක්මනින් විසඳා ගත යුතු බව දෙරටේම නායකයන් අවධාරණය කර ඇතැයි ද ඔහු වාර්තා කළේය.

චීන හමුදා ඉන්දීය කලාපයට ඇතුළු වී සිටින බවට ඉන්දියාව චෝදනා එල්ල කරයි.

(බිබිසි )

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us