රූපලාවණ්‍ය එන්නත් කටු මඟින් ඒඩ්ස් !

Published in පුවත්
Thursday, 21 August 2014 09:42

ඉන්නන්, කුරුලෑ වැනි ආසාදනයන් ඉවත් කිරීමට රූපලාවන්‍ය ආයතනයන්හි භාවිතා කරන එන්නත් කටු මඟින් ඒඩ්ස්, සෙංගමාලය වැනි රෝගයන් බෝ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය චාලුක්‍යා ගුණසේකර මහත්මිය පවසයි.

ඇතැම් පුද්ගලයන් රූපලාවන්‍ය ආයතනවලට ගොස් මුහුණේ තිබෙන කුරුලෑ, ලප කැළැල් ඉවත් කිරීම සිදු කරන අතර ඒවා ඉවත් කිරීමට ගන්නා එන්නත් කටු ඇතුළු කටු වර්ග ජීවානුහරණය නොකිරීමෙන් විවිධ වෛරස් වර්ග ආසාදනය වීමේ අවදානමක් පවතින බව ඒ මහත්මිය පැවැසුවාය.

මුහුණේ ඇති ඉන්නන් ඉවත් කිරීමට රූපලාවන්‍ය ආයතනයන්හි භාවිතා කරන එම්ලා නමැති රසායනික ද්‍රව්‍ය වෛද්‍යවරුන් භාවිතා කළ යුතු හිරිවැටීමේ ඖෂධයක් වන අතර රූපලාවන්‍ය ආයතනවල රූපලාවන්‍ය ශිල්පීන් මේ ඖෂධය භාවිතා කිරීම යෝග්‍ය නොවන බව ද ඇය ප්‍රකාශ කළාය.

එවැනි ඖෂධයන් භාවිතා කිරීමෙන් පසුව හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන්ට ප‍්‍රතිකාර ලබාදීමට ක්‍රමයක් නොමැති වීමෙන් පුද්ගලයන්ගේ ජීවිතවලට හානි විය හැකි යැයි ද වෛද්‍ය ගුණසේකර මහත්මිය පැවැසුවාය. 

රෝහල් තුළ කළ යුතු සමේ පිළිස්සීම්, කැපීම් යනාදිය රූපලාවන්‍ය ආයතනවල සිදු නොකළ යුතු බවත් එවැනි දේ රූපලාවන්‍ය ශිල්පීන් සිදු කිරීමෙන් සම විවිධ අසාත්මිකතාවලට ලක් විය හැකි බවත් වෛද්‍යවරිය පැවැසීය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us