වැටුප් අරගලයකට වෘත්තීය සමිති එක්වෙති

Published in පුවත්
Thursday, 21 August 2014 12:11
ජීවන වියදම රු.50792 ක් තරම් ඉහළට නැගීම හා රාජ්‍ය පෞද්ගලික, වතු ක්ෂේත‍්‍රවල සියළු සේවක වැටුප් වැඩිකර ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිති සමග ඒකාබද්ධ වැටුප් අරගලයක් සඳහා වන සාකච්ඡාවක් ඊයේ (20) ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. 
 ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවති මෙම වෘත්තීය සමිති නියෝජිත හමුවේදී ඉදිරියේදී  වැටුප රු. 10,000 කින් වැඩිකර ගත යුතු බවට යෝජනා විය. 
 
මෙම නියෝජිත හමුව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත, ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ , සමාජවාදී වතු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද දේවගේ, රජයේ එක්සත් කළමණාකාරණ සේවා සංගමයේ ලේකම් පී.ඞී. සරණපාල, රැකියාලාභී උපාධිධාරී සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි, ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල්, ලංකා වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් යූ.ඞී. පෙරේරා යන වෘත්තීය සමිති නායකයින් සහභාගී වීය.
 
 එමෙන්ම මෙම අවස්ථාව සඳහා කතෝලික ගුරු සංගමය, සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය, දේශීය ආදායම් පොදු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයන්ද සහභාගී විය.
Displaying IMG_4001.jpg

 

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us