බ්‍රිතාන්‍යයෙන් පැමිණි ආචාර්යවරයා ගෙන් ප්‍රශ්න කරයි

Published in පුවත්
Monday, 01 September 2014 09:32

ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කරමින් ආරක්ෂක හමුදා පිළිබඳව තොරතුරු රැස් කිරීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල ආචාර්යවරයකුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.

එල්එස්ඊ හෙවත් ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය රාජේශ් වේනුගෝපාල් මහතා ගෙන් ආගමන විගමන පාලකවරයා විසින් මෙසේ රඳවා ගෙන ප්‍රශ්න කරන ලද බව, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා 'බිබිසි සංදේශය' කළ විමසීමකදී කියා සිටියේය. 


පසුගිය ඉරිදා ඔහු ශ්‍රී ලංකාවට ලඟා වූ අවස්ථාවේ පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකය විසින් කටුනායක ගුවන් තොටුපොලේදී ඔහු රඳවා ගන්නා ලද බවට පළ වී තිබූ පුවත් වාර්තා නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රතික්ෂේප කළේය.

"ඔහු පැමිණ තිබෙන්නේ ලංකාවේ පැවැත්වෙන එක්තරා සමුළුවකට සහභාගි වීමට. නමුත් ඔහු ඒ සංවිධානය කරපු අයටත් නොදන්වා මඩකලපුව ප්‍රදේශයට ගොස් රජයේ ආරක්ෂක හමුදා සම්බන්ධ යම් යම් තොරතුරු පුද්ගලයන්ගෙන් විමසලා තිබෙනවා, එක්තරා ස්ථානයකට කැඳවලා," යනුවෙන්ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා 'බිබිසි සංදේශය' කළ විමසීමකදී වැඩිදුරටත් කියා සිටියේය.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ සහාය මහාචාර්යවරයකු වන ආචාර්ය රාජේශ් වේනුගෝපාල් මහතා දකුණු ආසියානු දේශපාලනය, සංවර්ධනය සහ ගැටුම් නිරාකරණය විෂයයන පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බව ඔහුගේ ට්විටර් අඩවියේ දැක්වේ.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හරින ලද සහාය මහාචාර්යවරයා, පශ්චාත් යුද කාලීන සංවර්ධනය මැයෙන් කොළඹදී පැවැත්වෙන දිළිඳුකම පිටුදැකීම පිළිබඳ (සේපා) කේන්ද්‍රයේ 13 වැනි  වාර්ෂික සමුළුවේදී අද (01) අදහස් දැක්වීමට නියමිතව තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us