ජනාධිපති අද මොනරාගල

Published in පුවත්
Monday, 01 September 2014 09:39

මොනරාගල අංග සම්පූර්ණ දිස්‌ත්‍රික්‌ පරිපාලන සංකීර්ණය අද (01) සවස 3.00 ට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

රුපියල් මිලියන 467 ක වියදමකින් ඉදිකරන ලද මෙම සිව් මහල් ගොඩනැඟිල්ල තුළ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය යටතේ පවතින සියලුම අංශ ස්‌ථාපිත කර තිබේ.

මේ අතර, මඩුල්ල බහුකාර්ය වෙළෙඳ මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (31) එක්වෙමින්,  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ,  ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා දෙන අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟින් රට සංවර්ධනය කරා ගෙන යන ආණ්ඩුවේ ගමන ශක්තිමත් කරන්නට ඵෙතිහාසික ඌවේ ජනතාව කටයුතු කරනු නිසැක බවයි. 

යුද්ධය නිමා කළ රට සංවර්ධනය කරමින් යන ගමන ඉදිරියටම ගෙන යන්නට ඌව පළාත් සභා මැතිවරණයෙන් ලැබෙන අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟින් ඵෙතිහාසික ඌවේ ජනතාව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය. 

මේ ගමන ඉදිරියට යන්නට ප්‍රාදේශීය සභාව, පළාත් සභාව ආණ්ඩුව සමඟ සිටිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා එදා දිළිඳු හා දුෂ්කර දිස්ත්‍රික්කයක් වූ මොනරාගල දිස්ත්‍රික්කය අද සංවර්ධනය වී ඇත්තේ එම ආයතන ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කළ නිසා බවත් පෙන්වා දුන්නේය.

රටේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති නියඟයට විසැඳුම් දීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා සෑම නිවසකටම පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ප්‍රකාශ කළේය.

එසේ සෑම නිවසකටම පිරිසිදු පානීය ජලය ලබා දීමෙන් අපට නියඟය පරාජය කළ හැකි බවත් සෑම නිවසකටම විදුලිය ලබා දුන්නා සේම පානීය ජලය ලබා දීමේ ඉලක්කයත් ජයග්‍රහණය කරන බවත් ජනාධිපතිවරයා කීවේය.

මාලදිවයින වැනි රටවල ජනතාව පානය කරන්නේ පිරිසිදු කර ගත් මුහුදු ජලය බවත් අපේ රටේත් මුහුදු ජලය පිරිසිදු කර ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස තමා ආර්ථික සංවර්ධන ඇමැතිවරයාට හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

 අද රට සංවර්ධනය කරා රැගෙන යන්නට හැකියාව ලැබී ඇත්තේ යුද්ධය නිමා කළ නිසා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහෙත් සමහරුන්ට නම් රටේ යුද්ධයක් තිබුණා ද කියාවත් මතක නොමැති බව ප්‍රකාශ කළේය. 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us