පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් අභාවප්‍රාප්තවේ

Published in පුවත්
Monday, 01 September 2014 09:43

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත විය. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ ගැටමාන්න, වත්තේහේන වලව්වේ දී 1921 වසරේ ජූනි මස 27 දා මෙලොව එළිය දුටු ඒ මහතා 1948 වසරේ සිට රජයේ අධිනීතිඥයකු ලෙසින් පත්වූ අතර පසුව 1963 වසරේ දී පාර්ලිමේන්තු මහලේකම්වරයා ලෙසද 1978 වසරේ දී පාර්ලිමේන්තු මහ කොමසාරිස්‌ ලෙසද කටයුතු කළේය.

එයින් අනතුරු සෑම් විජේසිංහ මහතා විවෘත විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසින් සේවය කළ අතර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මූර්තිමත් කිරීමෙහි ලා විශාලා දායකත්වයක්‌ සැපයූ, අගතිගාමි තීන්දුවලට කිසිදා නොඑළඹුන සාධාරණත්වය සඳහා තම සේවය සැමදා කැපකළ පුද්ගලයෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත්විය.

මිය යනවිට 93 වැනි වියේ පසු වු ඒ මහතාගේ අවසන් කටයුතු අද (1) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

අභාවප්‍රාප්ත සෑම් විජේසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව විජේසිංහ මහතාගේ ආදරණීය පියාණන් ද වෙයි. 

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us