'එන්න කිව්වට දොර ළඟ කුරුදු පොල්ලක් ' - ශිරාල්

Published in පුවත්
Monday, 01 September 2014 10:02

යළි එජාපයට එක් වන්නට යයි රනිල්‍ වික්‍රමසිංහ මහතා තමා ඇතුළු පිරිස්වලට ප්‍රසිද්ධියේ ආයාචනය කළද, තවමත් ඒ සඳහා කලයුතු ගතයුතු එකදු හෝ හරයාත්මක පියවරක් ගෙන නැති බවත්, අවම වශයෙන් පක්ෂයේ වගකිවයුතු කිසිවකු දුරකතනයෙන්  හෝ කතා කොට නැති බවත් බස්නාහිර පළාත් සභාවේ එජාප හිටපු මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ශිරාල් ලක්තිලක මහතාගේ  'මුහුණු පොතිතේ'  මෙසේ සඳහන් වේ.

'' ඌව ඡන්ද සටනට එක්වන්න යයි අපට දිගින් දිගටම ආරාධනය කරන ආදරණිය පාක්ෂිකයන්ට අප මෙසේ දන්වා සිටින්නෙමු…….

සැබැවින්ම අප හම්‍බන්තොටට ගිය සේම ඔබගේ පලාතට පැමිනිමට සුදානමින් සිටින්නෙමු. නමුත් එසේ පැමිනිමට පක්ෂයේ දිස්ත්‍රික්ක නායකයන් අපට ඒ සඳහා අවසර දිය යුතුය. යා යුතු ප්‍රදේශ හා රැස්විම්‍ පිලිබඳ විස්තරයක් අපට ලබා දිය යුතුය. දිස්ත්‍රික්ක නායකයන්ට එසේ කිරිමට පක්ෂ නායක ඊට අවසර ලබා දියයුතුය. කිසිම අපේක්ෂකයකුට අපේ සහාය ලබාගැනිම විනය විරෝධි කරුනක් බවට ලේකම්‍ වරයා නිකුත් කල චක්‍ර ලේඛය ඉවත් කරගත යුතුය.

රනිල්‍ වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේ එක් වන්නට යයි අපට ආයාචනය කළද තවමත් ඒ සඳහා කලයුතු ගතයුතු එකදු හෝ හරයාත්මක පියවරක් ගෙන නැත. අවම වශයෙන් පක්ෂයේ වගකිවයුතු කිසිවකු දුරකතනයෙන්  හෝ අපට කතා කොට නැත.

අපගේ පාකෂික හිතවතුන් මෙකි තත්වය බැරැරැම්‍ ලෙස තේරැම්‍ ගතයුතුව තිබේ. මාධ්‍යයෙන් ඇසෙන දේට දකිත දෙයට යටින් තවත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව පෙනේ.

කෙසේ  නමුත් ඌවේ පාක්ෂිකයන්ට ධෙර්්‍යය හා ශක්තිය පතමු. හපුතලේ අපගේ ඡය නියතය. ඌව පරනගම, බදුල්ල, පස්සරට ඇත්තේ කරට කර සටනකි.''


ගන්න සුදානම් - තිස්ස 

මේ අතර, එක්‌සත් ජාතික පක්‍ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතා මහනුවර දී සෙනසුරාදා (30 දා) කියා සිටියේ, විවිධ හේතූන් මත ඉකුත් වකවානුවේ පක්‌ෂය හැර ගිය පාක්‌ෂිකයන්, පක්‌ෂයෙන් නෙරපන ලද, පාක්‌ෂිකත්වය අත්හිටුවන ලද සහ නැවත ඇතුළත් වීමට අයදුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස්‌ සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙවන් සාමාජිකයන් පිළිබඳව කරුණු සහ අභියාචනා විමසා බලා වාර්තාවක්‌ ඉදිරිපත් කිරීම සඳහා කරුණසේන කොඩිතුවක්‌කු මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්‌ පත්කර ඇති බවද හෙතෙම කීවේය.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us