කම්කරු නායක බාලා තම්පෝ අභාවප්‍රාප්තවේ

Published in පුවත්
Monday, 01 September 2014 20:44

මෙරට ජ්‍යෙෂ්ඨතම වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක බාලා තම්පෝ මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට 92 වැනි වියේ පසුවූ ඔහු සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් 3.15ට පමණ ජීවිතක්ෂයට පත්වූ බව වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු පැවසීය.

අවසන් කටයුතු ලබන සිකුරාදා (06) බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

බාලා තම්පෝ මහතා වයස අවුරුදු විසි හයේදී පමණ වෙළෙද සේවක සංගමයේ නායකත්වයට පත්වන අතර මැතකදී ඔහු සිය අනූ දෙවන ජන්ම දිනයද සමරනු ලැබීය.

එම අවස්ථාවට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණියේය.

ඒ අනුව ඔහු වෙළෙද සේවක සංගමයේ නායකත්වයට පත්ව අද වන විට වසර හැට හයක පමණ කාලයක් ගතව තිබේ.

වෘත්තීය සමිතියක නායකත්වය මේ තරම් කාලයක් දැරූ ලොව සිටින එකම පුද්ගලයා ලෙස බාලතම්පෝ මහතා සැලකීම මේ නිසා වරදක් නොවේ.

බාලා තම්පො මහතා අවුරුදු 55 පමණ සිට ඔහුගෙන් පසු අනුප්‍රාප්ති‍කයෙකු පත්කර ගැනීමට උත්සාහ කළත් අනුප්‍රාප්තිකයා මියයාම හෝ ඉවත්ව යාම නිසා එම උත්සාහය ද අසාර්ථක විය.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us