පූජා භූමියේ දී මාධ්‍යවේදිනියට අතවර කරලා

Published in පුවත්
Tuesday, 21 October 2014 09:40

මැලේසියාවේ සිට මෙරට සංචාරයකට පැමිණි අවිවාහක මාධ්‍යවේදිනියකට අනුරාධපුර පැරණි පූජා නගරයේදී බරපතල ලිංගික අතවරයක් සිදු කළ බවට හා ඊට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් සිව් දෙනකුගෙන් එක් අයකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කර තිබේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අධීකරණයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කර තිබේ. 

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලෝලුගස්වැව අනුරාධපුර ලිපිනයේ පදිංචි කේ.ඒ. ලසන්ත දුලාන් කුමාර යන සැකකරුය.

රුපියල් ලක්ෂය මගින් වූ ශරීර ඇප මත මුදා හැරුනේ ලෝලුගස්වැව, අනුරාධපුර ලිපිනයේ පදිංචි ඒ. නිශාන්ත ජනක කුරුප්පු, සංජය තුෂාර වික්‍රමසිංහාරච්චි සහ ඒ.ඒ.ඩී. අමල් මධුෂංක යන සැකකරුවන්ය. ඔවුන්ට මේ මස 24 වනදා නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළාය.


සිද්ධිය සම්බන්ධයෙන් අධීකරණයට කරුණු දැක්වූ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වෙනුවෙන් වූ නිලධාරී පැවසූවේ ප්‍රධාන සැකකරු පසුගිය 16වැනිදා අනුරාධපුර පැරණි පූජා නගරයේ සංචාරයක නිරත වෙමින් සිටි අවිවාහක 25 හැවරිදි මැලේසියානු ජාතික මාධ්‍ය‍වේදිනියක් වන අදාල කාන්තාවට බරපතල ලිංගික අතවරයක් සිදු කර ඇති බවත් සැකකරු පලාගොස් සිටියදී අනුරාධපුර සංචාරක පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණු බවත්ය.

 මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සෙසු සැකකරුවන් තිදෙනාද අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දන්වා තිබේ.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us