විශේෂ කාර්ය බලකායටත් පොලිසිටත් මහජන සේවයටත් ඇපකැප වෙනවා

Published in පුවත්
Wednesday, 22 October 2014 09:57

හොඳ පොලිස් සේවයක් ලබා දීමට හැකිවන්නේ රාජ්‍ය තන්ත්‍රයත් පොලිසියත් මහජනතාවත් ශක්තිමත්වූ විට පමණක් යැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස වැඩ භාරගනිමින් ආචාර්ය මහින්ද බාලසූරිය මහතා ඊයේ(21) සදහන් කළේය.

සෙත්සිරිපායේ පිහිටි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ කාර්යාලයේදි වැඩභාරගත් ආචාර්ය මහනිද බාලසූරිය මහතා පිලීගැනීමට පොලිසියේ ඉහළම තලවල නිළධාරීන් මෙන්ම විශ්‍රාමික පොලිස් නිලධාරීන් රැසක්ම සහභාගිවී සිටි අතර පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සහභාගී නොවීය.

වැඩ භාරගත් ආචාර්ය මහින්ද බාලසූරිය මහතා මාධයවේදීන් අමතමින් මෙසේ සදහන් කළේය.

“නීතිය හා සාමය විශේෂ විෂයක්. රටේ නීතිය හා සාමය ආරක‍ෂා කිරීම මෙම අමාත්‍යාංශයේ මූලික වගකීම. පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය මගිනුයි ප්‍රධාන වශයෙන් එම කටයුත්ත ඉටුවෙන්නේ.නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයට පැවරිලා තියෙන එකම කටයුත්තත් එකයි.

ඒ සදහා සංවිධානාත්මක අපරාධ හා දරුණු අපරාධකරුවන් සමාජයට කරන බලපෑම වැලැක්වීමට ඒඅයට එරෙහිව නීතිමය පියවර ගැනීම මගේ වගකමක් ලෙයසි සලකන්නේ. ඒවගේම තමයි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පියවර ගත යුතුයි. මම පසුගිය කාලයේ තානාපති සේවයේ රටවල් කිහිපයකම කටයුතු කලා. ඒරටවල් මේ උවදුර මැඩලීමට විවිධ ක්‍රම අනුගමනය කරන අයුරු මම දුටුවා. ඒ දේවල්ද උපයෝගී කරගෙන මගේ දැඩි අවධානය මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට යොමුකරනවා.

ඒත් එක්කම රථවාහන පරිපාලනය , අනතුරු අවමකර ගැනීම, මාරක අනතුරු අඩුකර ගැනීම ගැනත් විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. දැනටමත් මේ දේවල් හොදින් සිදුවෙනවා. තවදුරටත් මේව පොලිස්පති සමග සාකච්ඡාකරල ශක්තිමත් කරනවා.පොලිසියේ තාක‍ෂණය දියුණු කළ යුතුයි. 119 හදිසි ඇමතුම් අංශයට නව තාක‍්ෂණය දෙනවා''

ජන ජීවිතයට බලපාන කරුණු ගැන අවධානය යොමු කරන බවත්,මහජනතාවට අමාත්‍යාංශය සමග සමීප වීමට ෆැක්ස් අංක තුනක් හදුන්වා දීම සහ එහිදී විශ්‍රාමික පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වෙනම අංකයක් හදුන්වා දුන්නේත් විශ්‍රාම ගිය පසු ඇතිවන ගැටළු ගැන තමාටද අවෙබා්ධයක් අැති නිසා බව සදහන් කළේය.

පොලිස් සේවයෙන් සහ තානාපති සේවයෙන් ලැබූ අත්දැකීම මහජනතාවගේ සහ පොලිසියේ උන්නතිය සඳහා යෙදවීමට හැකි නිසා මෙම තනතුර භාරගැනීමට තීරණය කල බවත් ඒ සදහා ජනමාධ්‍ය වලින් සහ කාර්ය මණ්ඩලයේ සහයෙන් මේ තනතුරේ වැඩ කටයුතු කිරීමට හැකිෙව්යැයි විශ්වාස කරන බවත් තනතුරේ සිටින තාක් කල් විශේෂ කාර්ය බලකායටත් පොලිසිටත් මහජන සේවයටත් ඇපකැප වන බවත් ඒ් මහතා සදහන් කළේය.

Last modified on Wednesday, 22 October 2014 12:45

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us