රතන හිමිගේ යෝජනා ගැන රනිල්ගෙන් ආණ්ඩුවට ප‍්‍රශ්නයක්

Published in පුවත්
Saturday, 25 October 2014 18:44

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉකුත් දා ඉදිරිපත් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය සඳහා වු කෙටුම්පත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇත්දැයි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් අද ප‍්‍රශ්න කළේය. 

එවැනි සුදානමක් ඇත්නම් විපක්‍ෂය සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස විපක්‍ෂ නායකවරයා ඉල්ලා සිටියේ ය.

අදාල කෙටුම්පත හදිසි පනතක් ලෙස ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇතැයි ඇතැම් වෙබ් අඩවිවල ද ප‍්‍රවෘත්ති පළ වී තිබෙන බව එහිදී ප‍්‍රකාශ කෙරින. 

ආණ්ඩුව වෙනුවෙන් මේ සඳහා පිළිතුරු ලබාදුන්නේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, ආණ්ඩුව වෙබ් අඩවි ඔස්සේ දේශපාලනය නොකරන බව කියා සිටියේය. 

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us