ජනපතිවරණය කැඳවීමේ ප්‍රකාශය 19දා Featured

Published in පුවත්
Sunday, 16 November 2014 08:27

හත්වැනි විධායක ජනාධිපති තෝරා පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය ලබන බදාදා (19 ) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට්‌ නිවේදනය මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විසින් ඊට පසු දින එනම් 20 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව දෙසැම්බර් මස 04 හෝ 05 දින දෙකින් එකකදී බොහෝ විට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදී නාමයෝජනා පත්‍ර භාර ගැනීමට නියමිතය. නාමයෝජනා පත්‍ර භාර ගැනීමේ ගැසට්‌ නිවේදනය නිකුත් කර දින 16 කින් පසුව එළැඹෙන දිනයකදී නාමයෝජනා පත්‍ර භාර ගතයුතු වෙයි.

ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම ජනවාරි මස 07 හෝ 08 දින දෙකින් එකකදී පැවැත්වීමට ඉඩ ඇත.

ප්‍රචාරක කටයුතු සඳහා ඉකුත් ජනාධිපතිවරණවලදී අඩුම දින ගණනක්‌ ලබාදී ඇත්තේ 1982 සහ 1994 දීය. ඒ දින 33 බැගින්ය. එම ප්‍රමාණය මෙවරද ලබාදුනහොත් ඉහත දින දෙකින් එකකදී මැතිවරණය පැවැත්විය යුතු වෙයි. 


ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීමේ හා ඡන්ද විමසීමේ දින තීරණය කිරීම මැතිවරණ කොමසාරිස්‌වරයාගේ අභිමතය පරිදි සිදු කිරීමට පනතින් බලය පවරා ඇත.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us