රටේත් ජනතාවගේත් අනාගත පරපුරේත් අනාගතය භාරදිය යුත්තේ විශ්වාසනීය නායකත්වයකට බව ජනාධිපතිධූර අපේෂක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සෑම දිනකම හිස්පුටු තබාගෙන බලා සිටියද පටු වාසි උදෙසා පාවා දෙන්නන් තවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ නොමැති බව ඔහු පෙන්වා පෙන්වා දෙයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මාතලේ නගරයේ ඊයේ(26) පස්වරුවේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.
එමෙන්ම රටේ ජාතික වස්තූන් සහ ජාතික දේපළ විකුණා දැමීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
Leave a comment