ජනපතිගේ කමිටුවට හෙළ උරුමයේ විරෝධය

Published in පුවත්
Monday, 21 July 2014 20:34

නවී පිල්ලේ මහත්මියගේ කමිටුවට විකල්ප කමිටුව රජයේ ප්‍රතිපත්තිය රජය විසින්ම උල්ලංඝනය කිරීමක් බව ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය පවසයි.

මෙවැනි කමිටුවක් පත්කිරීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පර්ශවකරුවෙක් ලෙස තමන්ව දැනුවත් කිරීමක් හෝ එම කමිටුව පිළිබඳව විමසීමක් හෝ සිදුකර නැති බව පවසන ජාතික හෙළ උරුමය, එබැවින් එම කමිටුව පිළිබඳව රටට අනතරු අඟවන බවත් ඒ පිළිබඳව තම පක්ෂයේ බලවත් විරෝධය ද පළකර සිටින බවත් අවධාරණය කර සිටියි.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම්, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක එබව සඳහන් වේ.

මේ ආකාරයටම දරුස්මාන් වාර්තාව එළිදැක්වූ අවස්ථාවේ දී එයට අභියෝගාත්මකව උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම පිහිටුවන ලද බවත්, අවසානයේ එහි නිර්දේශ ශ්‍රී ලංකා රජයට පාරාවළල්ලක් බවට පත්වූ අතර ශ්‍රී ලංකාවට සතුරු යුද අපරාධ පිළිබඳ විමර්ශනය කරන්නයැයි ඉල්ලා සිටින ජාත්‍යන්තර බලවේගවල වාර්තාවක් බවට එයට පත්වූ බවත් ජාතික හෙළ උරුමය පෙන්වා දෙයි.

 

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

''එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය විසින් යුද්ධයේ අවසන් අදියරයේ සිදුවූ බව කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයවීම පිළිබඳව විමර්ශනය කිරීමට ත්‍රීපුද්ගල කමිටුවක් පත්කර එමගින් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිය දී ශ්‍රී ලංකා රජය විසින් තවත් විමර්ශන කමිටුවක් පත්කර ඇත.

අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද කොමිසම තවත් පුඵල් කරමින් එයට ඇති බලතල වැඩිකරමින් නව නීදන් පිල්ලේගේ ත්‍රීපුද්ගල කමිටුව වෙනුවට දේශීය හා විදේශීය රාජතාන්ත්‍රීක විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් රජය නම්කර ඇත.

මහාචාර්ය ඩේවිඩ් කේන්, මහාචාර්ය ජේෆ්රි නයිස් නීතිඥ ඩෙස්මන් ද සිල්වා යන අය ඒ සඳහා නම්කර ඇත.

මහාචාර්ය ජෙෆ්රි නයිස් සුඩානය, කේන්යාව, ලිබියාව යන රටවල යුද අපරාධ පරික්ෂණ අධ්‍යනය කළ මහාචාර්යවරයෙකි. නීතිඥ ඩෙස්මන් ද සිල්වා සියරාලියෝන්හි යුද අපරාධ අධීකරණයේ හිටපු නීතිඥයෙකි. මහාචාර්ය ඩෙවිඩ් කේන් ද යුද අපරාධ පිළිබඳව විමර්ශන කටයුතු වලට සම්බන්ධ රාජ්‍යතාන්ත්‍රික විශේෂඥයෙකි.

කෙසේ වෙතත් නවනීදන් පිල්ලේගේ කමිටුව වෙනුවට මෙවැනි කමිටුවක් පත්කිරීම රජය මෙතක් යුදඅපරාධ පිළිබඳ සොයාබැලීමට බාහිර විමර්ශනයන් අවශ්‍ය නොවන බවට රජය දැරූ ස්ථාවරය හා ප්‍රතිපත්තිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි.

එම ප්‍රතිපත්තිය තමන් විසින්ම කඩ කිරීමකි.

නවපිල්ලේගේ කමිටුවට අභියෝග කරන්නට පත්කර ඇති විදේශ නියෝජිතයන්ගෙන් සමන්විත මෙම කමිටුව ද ශ්‍රී ලංකා රජයටත් ශ්‍රී ලංකාවේ ආරක‍ෂක හමුදාවටත් පාරාවළල්ලක් බවට අනාගතයේ පත්වනු ඇත.

විදේශ නියෝජිතයින් හෝ බාහිර විමර්ශන කණ්ඩායම් විශේෂඥයින් අවශ්‍ය නොවන බවත් දේශීය නිතීිමය හා අධිකරණමය යාන්ත්‍රණයක් තුළ මේ පිළිබඳව සොයාබැලිය හැකි බව රජයේ ස්ථාවරය වූ අතර බාහිර පුද්ගලයන් මැදිහත්වීම් හා විමර්ශන පැහැදිලිව ප්‍රතිෙක‍ෂ්ප කළේය.

එම ප්‍රතිපත්තිය හා ස්ථාවරය රජය උල්ලංඝනය කර ඇති අතර අනාගතයේ දී රටටත් ජාතියටත් ආරක්ෂක හමුදාවන්ටත් මින් ඇති කරන ප්‍රතිවිපාකවලට මෙවැනි කමිටුවක් පත්කිරීමට උපදෙස් දුන් දායකත්වය දුන් සියලූදෙනා වගකිව යුතුය.

මෙවැනි කමිටුවක් පත්කිරීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පර්ශවකරුවෙක් ලෙස අපව දැනුවත් කිරීමක් හෝ එම කමිටුව පිළිබඳව අපගෙන් විමසීමක් හෝ සිදුකර නැත.

එබැවින් එම කමිටුව පිළිබඳව අප රටට අනතරු අඟවන අතර ඒ පිළිබඳව අපගේ බලවත් විරෝධය ද පළකර සිටින්නෙමු.

අනාගතයේ දී මින් රටට ඇති කරන අහිතකර බලපෑම පිළිබඳව මෙවැනි කමිටුවක් පත්කිරීමට ක්‍රියාකළ සියලූදෙනා ඊට වගකිව යුතුබව අවධාරණය කරන අතර ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ක්‍රියාකළ රණවිරුවන් පාවාදීමට කිසිලෙසකත් ඉඩ නොතැබීම සඳහා මේ පිළිබඳව අවධියෙන් සිටිමින් කටයුතු කරන ලෙස සියලූ ජාතිමාමක දේශප්‍රේමී සංවිධාන වලින් හා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.''

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us