'රැකියාවක් දෙන්නත් පාගා ගන්න ආණ්ඩුවක්'

Published in පුවත්
Monday, 21 July 2014 20:56

රාජපක්ෂ රෙජීමය තමන් හම්බ කරගන්නවා මිස රටේ ඔවුන්ට වැඩ කළ තරුණයෙකුට පවා නිකම් රස්සාවක් නොදෙන බවත්, ඒවා මුදලට විකුණා සල්ලි ටික රෙජීමයේ සාක්කුවේ දාගන්නා බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (20) ගලගෙදරදී පැවති 'ජන ජය' රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා එබව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා කියා සිටියේ, අද බැංකුවේ රැකියාවක් ලක්ෂ 5 කටද, කොරියාවේ රැකියාවක් ලක්ෂ 3 කට ද ආරාබිකරයේ රැකියාවක් ලක්ෂයකට රෙජීමය විකුණන බවයි.

රට තුළ අඩු වැටුපේ කුලී රැකියාවක් හෝ සොයා ගැනීමට නොහැකි තරුණයන්ට රට යෑමට කියන බවත් එවිට පිටරට රැකියා කර එවන විදේශ විනිමයෙන් රෙජීමයට සංවර්ධනයේ නාමයෙන් ගසා කෑ ණය ගෙවීමට හැකි බවත් ඔහු පැවසීය.

තමන් බටහිර රටවල් සමග තරහා නොවී ඔවුන්ගේ ආයෝජකයන් ලංකාවට ගෙන්වා තරුණයන්ට පුහුණුවක් සමග කර්මාන්ත අංශයේ රැකියා උත්පාදනය කරදෙන බවට ඔහු ශපථ විය.

තමන් අගමැතිව සිටි කාලයේ ඊපීඑෆ් ගිණුම් ලක්ෂ 10 ක් ආරම්භ කර ඇති බවත් එවැන්නක් රාජපක්ෂ රෙජීමයේ පසුගිය අවුරුදු 10 ක කාලයට කර නැතැයිද ඔහු පැවසීය.

පසුගිය වසර 10 ක කාලය තුළ රට තුළ එකදු වැදගත් කර්මාන්ත ශාලාවක් ගොඩ නගා තිබේදැයි ඔහු ජනතාවගෙන් ප්‍රශ්න කෙළේය. සංචාරක ප්‍රවර්ධනය කියා රටට ගෙන්වා ගන්නා සුද්දන් අපෙන් හිඟා කන ජාතියේ වතුර බොන සුද්දන් යයි හැඳින්වූ රනිල් වික්‍රමසිංහ දිනකට ඩොලර් 300 ක් හෝ වියදම් කළ නොහැකි සංචාරකයන් ගෙන්වාගෙන පලක් නැතැයිද පැවසීය.

විපක්ෂ නායකවරයා ඊයේ ගලගෙදර මඩවල පුරාණ රජමහා විහාරාධිපති අන්දරවැව පියරතන හිමියන් බැහැදැක ආගමික වතාවත්වලින් පසු ජන ජය මෙහෙයුම ආරම්භ කෙළේය. ඔහු සමග එජාප මහලේකම් තිස්ස අත්තනායක ඇතුලු ප්‍රාදේශීය දේශපාලකයින් ද සහභාගී වූහ.

මැදගොඩ ශ්‍රී විද්‍යාර්ථ පිරිවෙණ වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පිරිවෙණේ දහම් පාසලේ ඉගනුම ලබන දූ දරුවන් හමු වී ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදින. පසුව ගලගෙදර කලුවාන ගම්මානයට පැමිණ එහිදී එජාප යොවුන් සේනාංකයේ සාමාජිකයින් මුණගැසින.

කලූවානේදී තරුණ තරුණියන් සමග ඔවුන් මුහුණපා සිටින ගැටළු සම්බන්ධයෙන් සංවාදයක යෙදින. හතරලියද්ද නගරයට පැමිනි විපක්ෂ නායකවරයා ත්‍රී වීල් රියැදුරන් කණ්ඩායමක්ද මුණ ගැසිණ.

මෙම අවස්ථාවන් සදහා විශාල ජනතාවක් සහභාගී වූ අතර දිවා ආහාරය ද අතරමග කාන්තාවන් පිරිසක් සූදානම් කර තිබිණ.

මෙහිදී රනිල් සහ තිස්ස සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරනිමල රාජපක්ෂ, ගලගෙදර ආසන සංවිධායක පළාත්සභා මන්ත්‍රී ලාල් අල්විස්, පළාත් සභා මන්ත්‍රී මයන්ත දිසානායක, පළාත් සභා මන්ත්‍රී ලකී ජයවර්ධන ඇතුළු ප්‍රාදේශීය දේශපාලකයින් රැසක් එක්ව සිටියහ.

RW-Galagedara 1RW-Galagedara 2RW-Galagedara 3RW-Galagedara 4RW-Galagedara 5RW-Galagedara 6RW-Galagedara 7RW-Galagedara 8RW-Galagedara 9RW-Galagedara 10RW-Galagedara 11RW-Galagedara 12RW-Galagedara 13RW-Galagedara 14RW-Galagedara 15RW-Galagedara 16RW-Galagedara 17RW-Galagedara 18RW-Galagedara 19RW-Galagedara 20RW-Galagedara 21RW-Galagedara 22RW-Galagedara 23RW-Galagedara 24RW-Galagedara 25RW-Galagedara 26RW-Galagedara 27RW-Galagedara 28RW-Galagedara 29RW-Galagedara 30RW-Galagedara 31RW-Galagedara 32RW-Galagedara 33RW-Galagedara 34RW-Galagedara 36RW-Galagedara 35RW-Galagedara 37RW-Galagedara 38RW-Galagedara 39

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us