රනිල්, අනුරගේ සුවදුක් බලන්න යයි

Published in පුවත්
Tuesday, 29 July 2014 10:40

රිය අනතුරකට ලක්ව රත්නපුර මහරෝහලෙන් මාරු කර එවු ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර, විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දිසානායක මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ පස්වරුවේ ජාතික රෝහලට පැමිණියේය.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික‍්‍රමනායක මහතා පැවසුවේ මන්ත‍්‍රීවරයාට සුළු තැලීම් කිහිපයක් පමණක් සිදුව ඇති බවයි. 

ජවිපෙ නායකයා රෝහලට ගෙන ආ සැනින් පරීක්ෂණ කිහිපයක් සිදු කළ බවද ඔහු පැවසිය.


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගමන්ගත් කැබ් රථය හොරණ - රත්නපුර මාර්ගයේ හොලිපිටිය ප්‍රදේශයේදී ඊයේ (28) පෙරවරුවේ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

Last modified on Tuesday, 29 July 2014 10:52

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us