බිලියන 4 ක ගල්අඟුරු මගඩිය යටගහන්න ලංකා ගල්අඟුරු සමාගම විසුරුවා හරී.

Published in පුවත්
Tuesday, 17 January 2017 17:38

ස්විස් සිංගප්පූරු සමාගමට ලබා දුන් ගල්අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියන 4 කට වඩා වැඩි පාඩුවක් ශ්‍රිලංකා රජයට සිදුව තිබෙන බව විගණකාධිපතිවරයා විසින්ද තහවුරු කර තිබෙන වට පිටාවක එම පාඩුව ලංකා ගල්අඟුරු සමාගම මත පටවා අතපිහ ගැනීමට විදුලි බල හා පුනර්ජනණීය ඈමතිවරයා ඇතුලු එම දූෂිතයන් පිරිස කටයුතු කර තිබේ.

මෙම දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ඉහත කී සමාගමට ලබා දිම සඳහා ඇමැති සියඹලාපිටිය එම අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ හා ප්‍රසම්පාදක මණ්ඩලය හා තවත් නිලධාරීන් පිරිසක් පසුගිය වසරකට වැඩි කාලයක් මුලුල්ලේ දැඩි වෙහෙසක් ගත් අතර අවසානයේදී ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව නොමඟ යවා සටකපට ලෙස කටයුතු කර තිබිණි. මේ සම්බන්ධයෙන් සත්‍ය කරුණු කාරනා හෙළිදරව්ව පැවැතියත් එම ගනු දෙනුව වැලැක්වීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගත්තේද නැත.

මේ වන විට මෙම වංචාකාරී ගනු දෙනුව සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවීම වැලැක්වීම වෙනුවෙන්ද මාධ්‍ය ආයතන වලට කප්පම් ලබා දිමද සිදු කරමින් තිබෙන බවත් වාර්තාවේ. එපමණක් නොව විගනකාධිපතිවරයාටද මේ සම්බන්ධයෙන් බලපෑම් කර තිබිණි.

කෙසේ නමුත් විගනකාධිපති වාර්තාවේ ගල්අඟුරු ටෙන්ඩර සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගම විචක්ෂනශිලීව කටයුතු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අදාල වගකිවයුත්තන් විමසා බැලිය යුතු බවටද එක් නිර්දේශ්යක් ඉදිරිපත් කර තිබිණි. ඒ දඩමීමා කර ගනිමින් මෙම සමාගම විසුරුවා හැර ගල් අඟුරු වංචාවෙන් බේරී සිටීමට මෙම දූෂිතයන් කටයුතු කර තිබෙන බව පැහැදිලිය. මෙම ගල් අඟුරු මගඩිය සම්බන්ධයෙන් ගල් අඟුරු සමාගමේ නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබුණ හෝ නැතා මෙම දූෂිත ගනු දෙනුව සිදු වූයේ ගල් අඟුරු සමාගමට පාලනය කළනොහැකි දේශපාලන අධිකරියේ කැමැත්ත පරිදිය.

Letter coal

 

Last modified on Tuesday, 17 January 2017 21:26

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us