රවීව අයින් කරන්න, එජාප ඇමැතීන්ගෙන් ජනපතිට යෝජනාවක් Featured

Published in පුවත්
Saturday, 21 January 2017 09:25

යහපාලන ආණ්ඩුවට එරෙහිව නැගී ඇති දුෂණ චෝදනා සමනය කර ගැනීම වෙනුවෙන් බරපතල ලෙස මුල්‍ය සහ රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධව චෝදනා ලබා සිටින මුදල් ඇමැති රවී කරුණානායක මහතාව අදාළ අමාත්‍යධුරයෙන් වහාම ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම මන්ත්‍රී කණ්ඩායම අදාළ යෝජනාව සිදුකර ඇත්තේ පසුගිය අඟහරුවාදා (17) කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් පැවැත්වුණු විශේෂ හමුවකදීය.

වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ හමුව කැඳවා ඇත්තේ විපක්ෂයේ පිරිස් ආණ්ඩුව වෙත එල්ල කරන අපවාද වලට සාර්ථකව පිළිතුරු දීම ඇතුළුව ආණ්ඩුවට ශක්තිමත් ප්‍රචාරණ යාන්ත්‍රණයක් පවත්වාගෙන යාම සම්බන්ධව සාකච්ඡා කිරීමටය.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් 20 කට ආසන්න ප්‍රමාණයක් කැඳවා තිබු අතර එරාන් වික්‍රමරත්න, රාජිත සේනාරත්න, අශෝක අබේසිංහ, නලින් බණ්ඩාර, අජිත් මානප්පෙරුම, චතුර සේනාරත්න ඇතුලු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහදෙනෙකු පමණ ඊට සහභාගීවූ බවද වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පවතින දුර්වල ප්‍රචාරණ කටයුතු හේතුවෙන් ආණ්ඩුවට එරෙහි අභූත චෝදනා මෙන්ම ඉතා කුඩා කාරනා පවා විශාල වැරදි ලෙස සමාජගත වන තත්ත්වයක් මතුව ඇති බවත් ඊට වහා පිළියම් යෙදීමට කැඳවන ලද මන්ත්‍රී කණ්ඩායමේ සක්‍රීය මැදිහත්වීම අපේක්ෂා කරන බවය.

ජනාධිපතිවරයා මතුකළ කාරණය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දී ඇත්තේ බැඳුම්කර සිදුවීම මෙන්ම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලි නොමැති කම හේතුවෙන් තමන්ද බලවත් දුෂ්කරතාවකට පත්ව ඇති බවත් ඒ සම්බන්ධව පැහැදිළි ස්ථාවරයක් ගැනීමට ආණ්ඩුව සමත් වෙතොත් විපක්ෂය එල්ල කරන චෝදනා වලින් ආණ්ඩුව රැකගැනීම තමන්ට දුෂ්කර කටයුත්තක් නොවන බවය.

වැඩිදුරටත් මේ සම්බන්ධව පවතී සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රී කණ්ඩායම පෙන්වාදී ඇත්තේ මුදල් ඇමැති රවී කරුණානායක මහතාට එල්ලවී ඇති මුල්‍ය අක්‍රමිකතා චෝදනා ඉතා බරපතල බවත් ඉදිරි මැතිවරණ වලදී එම චෝදනා හේතුවෙන් එජාප- ශ්‍රීලනිප දෙපාර්ශවයටම ඒ හේතුවෙන් අර්බුද රැසකට මුහුණදීමට සිදුවිය හැකි බවය. ඒ හේතුවෙන් අදාළ අමාත්‍යවරයාව දැනට දරණ අමාත්‍යධුරයෙන් ඉවත් කර වෙනත් විෂයක් සඳහා පත්කරන්නට ජනාධිපතිවරයා මැදිහත් වනවා නම් ඊට තමන්ගේ සම්පුර්ණ සහය ලබාදෙන බවත් ඒ හරහා මේවන විට ආණ්ඩුවට එරෙහිව නගන චෝදනා මුළුමනින්ම කණපිට පෙරලිය හැකි බවද එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත. කෙසේ නමුත් මෙම සාකච්ඡාවේදී සියලු දෙනාම රවී කරුණානායක මහතා ගේ නම පාවිච්චි නොකර අරයා එයා මෙයා යනාදී වශයෙන් මේ සම්බන්ධයෙන් කතා කිරීම විශේෂ සිදුවීමකි.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුවත් එජාප ය සමඟ තමන් එළඹී ගිවිසුම අනුවත් අමාත්‍යවරරුන්ගේ විෂය සම්බන්ධව තීරණය ගැනීම අග්‍රාමාත්‍යවරයා සතු වන හෙයින් අග්‍රාමාත්‍යවරයා අදාල නිර්දේශය ලබාදෙනවා නම් තමන් ඊට සුදානම් බවය. එසේම අදාළ යෝජනාව අග්‍රාමාත්‍යවරයා වෙතද ඉදිරිපත් කරන ලෙසත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් මුල්‍ය අක්‍රමිකතා සහ විෂය භාර අමාත්‍යවරයා ලෙස දේශපාලන බලය අවභාවිතයේ යෙදවීම ගැන පැමිණිලි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වෙතින්ද තමන්ට ලැබී ඇති බවය. ඒ අනුව ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ පැමිණිල්ලක් සිදුකිරීමට නියමිතව ඇත.


සත්හඬ පුවත්පත ඇසුරෙනි

 

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us