මහින්දගේ ටෙලිකොම් ගොට්ටා රේන්බෝ පේජස්වලිනුත් ගහලා

Published in පුවත්
Sunday, 29 January 2017 09:47

ශ්‍රී ලංකා ටෙලිකොම් හී රේන්බෝ පේජස් බාර ප්‍රධාන නිලධාරියකු  2016/17 රේන්බෝ පේජස් දුරකථන නාමාවලිය සඳහා වෙළෙඳ දැන්වීම් ලබාදීමේ දී මහා පරිමාණ මූල්‍ය දූෂණයක් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආරංචිමාර්ග සඳහන් කරයි.

අප වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම නිලධාරියා මුල්‍ය අක්‍රමිකතාව සිදුකර ඇත්තේ රේන්බෝ පේජස් හී පළමු පිටුවේ දැන්වීම ලබාදීමේදීය. මෙතෙක් පවතී සම්ප්‍රදාය අනුව නම් රේන්බෝ පේජස් හී පළමු පිටුවේ වන දැන්වීම ලබාදෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත වන ය. එය අඟල් දෙකක පමණ පළලින් යුතුව පළ කරන එම දැන්වීම සඳහාද ටෙලිකොම් ආයතනය රුපියල් මිලියන 2.5 පමණ මුදලක් ගෙවා ඇත.

එහෙත් මෙවර  අදාළ දැන්වීම් ඉඩකඩ ශැංශ්‍රීලා හෝටල් සමූහය වෙත ලබාදී ඇති අතර ඒ ද රුපියල් මිලියන 2.9 ක් තරම් වන සොච්චම් මුදලකටය. ශැංශ්‍රීලා හෝටල් සමූහය වෙත ලබා දුන්නද ඒ වන විටත් අදාළ දැන්වීම් ඉඩකඩ බ්ලූමව්න්ටන් සමාගම ද රුපියල් මිලියන 4.5 කට ඉල්ලා තිබියදී වන අතර ඒ අනුව මෙම ගනුදෙනුව තුළ පැහැදිලි දුෂණයක් සිදුව ඇති බව අප ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ බව තහවුරු කරමින් ටෙලිකොම් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අදාළ දැන්වීම් ඉඩකඩ වෙනත් අවස්ථා වලට වඩා විශාල කර ශැංශ්‍රීලා හෝටල් සමූහය වෙත ලබාදෙන්නටද මෙම නිලධාරියා මැදිහත්ව ඇති බවය. 

මේ අතර මෙම නිලධාරියා රාජපක්ෂවරුන් ඉතා නුදුරේදීම බලයට පත්වන බවත් එහිදී තමන් ශ්‍රී ලංකා ටෙලිකොම් හී ප්‍රධාන විධායක බවට උස්සවීම් ලබන බව නිතර හිතවතුන් සමඟ කියමින් දවල් සිහිනයක සිටින බවද දැනගන්නට ඇත. ටෙලිකොම් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඒ දවල් සිහිනය ගැන කවුරුත් පුදුම නොවන්නේ මොහු ටෙලිකොම් ආයතනයේ සාමාන්‍ය ඉංජිනේරුවෙකුව සිට මේ දක්වා පැමිණියේ රාජපක්ෂ රෙජීමයේ අනුහසින් බව හොඳින්ම දන්නා නිසාය.

2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වූ පදනමින් සිරස රුපවාහිනියේ වැඩසටහන් Peo TV හරහා විකාශනය වීම අත්හිටුවන්නට කටයුතු කලේද මේ නිලධාරියා බවද විශ්වාසවන්ත තොරතුරු ඇත. එතැනින් නොනැවතුණු  මොහු සිය රාජපක්ෂ මෙහෙකාරකම්වල නිරතවුයේ අනූෂ පැල්පිට හරහා ඩයලොග් ආයතනයේ ප්‍රධානියාටද කථා කරමින් ඩයලොග් ටීවී හරහා ද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පෙනීසිටි වැඩසටහන් විකාශනයවීම අත්හිටුවන්නට බලපෑම් කරමින්ය.

එසේම එයින්ද සෑහීමකට පත්නොවී එම මැතිවරණ අවස්ථාවේදී මොබිටෙල් ආයතනයේ රංජිත් රූපසිංහ සමඟ එක්ව ටෙලිකොම් ආයතනයේ සහන දායී දුරකථන පැකේජ මහින්ද පාක්ෂිකයින්ට ලබා දීමේ වැඩ පිලිවෙලක්ද දියත් කරන්නට මැදිහත් විය.

අදටද මොහුගේ ඒ රාජපක්ෂ බැලමෙහෙවර අවසන් නැති බවට සාක්ෂි අප සතුව ඇත. මැතිවරණයෙන් පසුව රාජපක්ෂගේ බල තන්හාව වෙනුවෙන් සංවිධානය කළ ජන රැළි වලට පෝස්ටර් මුද්‍රණය වූ ආකාරය සොයන අයෙකුට ඒහා මොහු අතර ඇති සම්බන්ධය හොයාගන්නට පුළුවන.

කෙසේ වුවත් අප මේ සඳහන් කර සිටින්නේ මොහුට තමන් කැමති දේශපාලනයක නිරතවීමේ අයිතිය ගැන නොවේය. අවශ්‍ය නම් රාජපක්ෂ පවුලම කරේ තියාගෙන දුම් අල්ලමින් සිටින්නට මොහු කටයුතු කළද අප ඔහුගේ ඒ දේශපාලන අයිතිය ප්‍රශ්න කරන්නේ නැත.

අප පෙන්වා දෙන්නේ රාජපක්ෂ සමයේ දුෂිත සහ බලය අවභාවිතයේ යොදවා ඒ නිල බලය රාජපක්ෂගේ දේශපාලන කටයුතු වෙනුවෙන් යෙදවූ රේන්බෝ පේජස් බාර ප්‍රධාන නිලධාරියා යහපාලනය යටතේද මුල්‍ය අක්‍රමිකතා වල නිරත වීමය. ඒ නිසා පාසිකුඩා සහ කටුනායක සුපිරි හෝටල් දෙකක හිමිකරුවෙකු වී සිටින මොහු ටෙලිකොම් ආයතවයේ සාමාන්‍ය ඉංජිනේරුවරයෙකුව සිට කොටිපති ව්‍යාපාරවරයෙකු වූයේ කෙලෙසද යන්න වහාම සොයා බැලිය යුතු අතර රේන්බෝ පේජස් සෙල්ලමද සොයා බැලිය යුතුව ඇත.

 

මේ හොර ජාවාරම්, රවීලා මංගලලා නොදැන වෙන ඒවාද? 

"රටකට ඕනෑ අපමණ අගයක් - හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්! 

මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට ජනාධිපති පත්කළ හෙෂාන් කවුද? 

වෑගපිටිය නිසා ජනාධිපති - අගමැති ගැ‍ටුම් , සම්මුති ආණ්ඩුව පිපිරීමේ ලකුණු 

සජිත්ගේ ඡන්ද ව්‍යාපාරයට ටෙලිකොම් සල්ලි ! 

පහළ කඩේ යාලූවා සහ මැදමුලන දන්දිනා හාමිණේ.

කාල්ටන් නිවසේ චීන හොර බඩු ! දුරකතන ටැප් කිරීමේ උපකරණත් ඒ අතර 

ටෙලිකොම් ලලිත්ට එරෙහිව CID පරීක්ෂණයක් 

මංගල වටේ හොරු කැරකේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් මංගල යටතට !

ටෙලිකොම් දූෂිතයන් පන්නා දමන ලෙස සේවකයෝ සටනේ. ආණ්ඩුව නිහඬයි 

ටෙලිකොම් ලලිතුත් පනින්න හදයි

ටෙලිකොම් ලලිත්ව පන්නනු.! වෘත්තීය සමිති 10 ජනපතිගෙන් ඉල්ලයි 

ටෙලිකොම් ලලිත් රාජපක්ෂ හිතවතුන් පෝෂණය කළ හැටි 

ටෙලිකොම් ලලිත්, හදිස්සියේ මෛත්‍රීවාදියෙක් වෙලා ! 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us