ශ්‍රීලාංකිකයන්ට ‍රැකවරණ නොදුන්නැයි ස්නෝඩන් කළකිරීමෙන්

Published in පුවත්
Saturday, 25 February 2017 15:22

සිය ජීවිතය රැකදීම පිණිස විශාල කැපකිරීමක් සිදු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසට හොංකොං හි දේශපාලන රැකවරණ නොදීම ‘විස්තර කළ නොහැකි ඛේදවාචකයක්’ බව ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසුව පිටුවහල්ව වෙසෙන එඩ්වඩ් ස්නෝඩන් පවසයි.

වර්තමානයේ රුසියාවේ දේශපාලන රැකවරණ ලබා සිටින ස්නෝඩන් ඒ බව පවසන්නේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

ඔහු රුසියාවට පළායාමට ප්‍රථම තාවකාලිකව හොංකොං හි රැඳී සිටි අවස්ථාවේ දේශපාලන රැකවරණ පතා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් 2013 ජුනි මාසයේ ඔහුට රහසිගතව නවාතැන් පහසුකම් සපයා තිබුණි.

ස්නෝඩන් ගේ කතා පුවත පිළිබඳව ඔලිවර් ස්ටෝන් විසින් නිර්මාණය කරන ලද එළිදැක්වීමට නියමිතව තිබියදී, කැල්ලපත සුපුන් තිළිණ සහ ඩීකේ අජිත් පුෂ්පකුමාර ගේ නම් ඔවුන්ගේ නීතිවේදී රොබට් ටිබ්බෝ විසින් හෙළිකරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.

ශ්‍රී ලංකා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පිරිසක් පසුගිය දෙසැම්බරයේ හොංකොං දේශයට පැමිණ එම ශ්‍රී ලාංකිකයන් පිළිබඳව රහසිගතව කරුණු විමසා තිබෙන බව ඔවුන්ගේ නීතිවේදියා පවසයි.

ඔවුන් ඡායාරූප සහ ලිපිගොනුද සහිතව හොංකොං හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වී සිය සේවාදායකයන් පිළිබඳව කරුණු විමසා තිබෙන බවත් නීතිවේදී රොබට් ටිබ්බෝ පැවසීය.

එහෙත් “සම්පූර්ණ බොරුවක්” බව පවසමින් ශ්‍රී ලංකා පොලිසිය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

“දේශපාලන රැකවරණ පැතීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපි හොංකොං වල හෝ වෙනත් කිසිම රටක කිසිම විමර්ශනයක් පවත්වල නැහැ,” පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවයට පැවසීය.

චීනයේ හෝ වෙනත් කිසිම රටක නීතිය පසිඳලීමේ ආයතනවලට හොංකොං හි විමර්ශන පැවැත්වීමට නීත්‍යානුකූල බලයක් නැත.

ඇමෙරිකානු NSA ජාතික ආරක්ෂක ඒජන්සියට අයත් රහසිගත ලිපිලේඛණ දහස් ගණනක් විකීලීක්ස් වෙබ් අඩවියට ලබාදීමෙන් අනතුරුව එඩ්වඩ් ස්නෝඩන් රටින් පළා ගියේය.

 

ceylontribune.com

reffugi 1

reffugi 3

Edward Snowden 1

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us