අනිකා සහ බැඳුම්කර මාධ්‍ය මෙහෙයුමේ අනෙක් විනෝද සමයං Featured

Published in පුවත්
Tuesday, 25 July 2017 19:42

විවාදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් මේ වන ක්‍රියාත්මක ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (24)දිනයේදී මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය මේ වන විට මාධ්‍යවල විශේෂ පුවත්ක බවට පත්ව තිබේ. ඒ රවී කරුණානායක මහතාට මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම යටතේ පර්පෙචුවල් සමාගමේ හිමිකරු බව පැවසෙන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ලබා දී තිබීම ගැනය. එමෙන්ම පසුව එම නිවස රුපියල් මිලියන 165 ක මුදලකට රවී කරුණානායක මහතාට අයත් සමාගමක් මඟින් මිලදී ගැනීම සම්බන්ධයෙනි.

මෙම නිවස සම්බන්ධයෙන් මිට පෙරද මාධ්‍ය වර්තා පළවී තිබිණි. නමුත් එහි අලගිය තැන් මුල ගිය තැන් හෙළිව නොතිබිණි. විනොදනී නමින් පෙනී සිටි තැනැත්තිය ඊයේ දිනයේදී ලබා දුන් සාක්ෂිය සමඟ ඒ හිඩැස පිරවී ඇත.

විනෝදනී ගේ වෙස් මූණ

එහෙත් මෙම සාක්ෂි ලබාදීමට පැමිණි සුරූපී තරුණ කාන්තාව තමාගේ සුපුරුදු නාමය වෙනුවට ව්‍යාජ නාමයකින් පෙනී සිටිම සිදුකර තිබීම ගැටලුකාරීය. එම සාක්ෂි ලබා දීමට කොමිසම වෙත පැමිණීමේදී ද තමාගේ සාක්ෂි විස්තරාදිය මාධ්‍ය වල පලවීම වලක්වන්නැයි ඇය ඉල්ලිමක්ද කර තිබූ නමුත් ඒ කොමිසම මඟින් ප්‍රතික්ෂෙප කර තිබිණි. තමාගේ අනන්‍යතාවය සඟවගේන පැමිණ බෝම්බයක් පත්තු කර පැන යාමට ඈ ගත් උත්සාහය එයින් වැලැක්විනි.

මේ සාක්ෂිකාරිය එම් විනොදනී නමින් පෙනී සිටියද මේ වන විට ඇය කවුද යන්න හෙළිවී අවසන්ය..ඒ අනිකා විජේසූරියය. ඇය දැවන්ත ව්‍යාපාරික ජාලයක් නඩත්තු කරන නහිල් විජේසූරියගේ එකම දියණියද වේ. ඇය මෙම සාකච්ඡාවට තුඩු දී තිබෙන මහල් නිවාස සංකීර්ණය අයත් ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් ආයතන්යේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරමින් තිබේ. ඇය අලොසියස් මහතා සමඟ එකම පාසලේ එක කලෙක උගත් බවද පැවසේ.

එසේම මාතර වැලිගම ප්‍රදේශයේ ජාත්‍යන්තර මැරියට් හෝටල් ජාලයට අයත් සුඛෝපභෝගී හෝටයක් සහ තවත් හෝටල් කිහිපයක්ම ද ඇයගේ සමාගම සතුවේ.e-wis ව්‍යාපාරයද අල්ට්‍රාටෙක් සිමෙන්ති ගෙන්වීම ආදී තවත් ව්‍යාපාර රැසක් එම සමාගම සතුවේ.. නහීල් විජේසුරිය මහතා දක්ෂ ව්‍යාපාරිකයෙකු වන අතර ඊටීවී නාලිකාව මෙරට හඳුන්ව දෙමින් පැය 24 ම ක්‍රියාත්මක රූපවාහිනී සේවයක් මුලින්ම ආරම්බ කළේ ඔහුය. එහෙම එම රූපවහිනී සේවය ආන්දෝලනාත්මක වූයේ චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කර විදේශ රූපවාහිනි නාලිකා රැසක් මෙරට ප්‍රෙක්ෂකයාට නොමිලයෙම දැක බලා ගැනීමට අවස්ථාවක් ඔහු විසින් උදාකරලීම නිසාය. කොළඹ සිලෝන් ඉන්ටකොන්ටිනල් හෝටලය ද ඔහු සතුව තිබුණකි.

කොමිසමේ මෝඩයෝ

කෙසේ නමුත් ඇය ව්‍යාජ නාමයකින් පෙනි සිටීම කවර කරුණක් නිසා සිදු කළද ඒ ඇගේ අවංකභාවය ගැනද ගැටලු මතු කරන්නකි. එමෙන්ම ඇය විසින් ලබා දුන් සාක්ෂියෙහි අඩංගුව ගැන සලකා බැලීමේදී ද අර්ජුන් ඇලොසියස් මහතා සහ රවී කරුණානායක මහතා වංචනිකයන් වන බවට ඒත්තු ගැන්වීම සඳහා විශේෂ උත්සාහයක් ගත් බවද පෙනී යයි. උදාහරණයක් ලෙස මෙම නිවස මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ලියකියවිලි ඉරා දමන ලෙස තමන්ට දුරකතනයෙන් කතා කොට පැවසූ බවට ලබාදෙන සක්ෂිය එවැන්නකි. තමන්ගේ පාරිභොගිකයකු සම්බන්දධයෙන් එතරම්ම පහත් ලෙස තහවුරු කළ නොහැකි තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට තරම් ඇය දුර්ගුණ සහිත වීම සැලකිය යුතුය. මේ නිසා මින් ඉදිරියට මෙම ව්‍යාපාරික කාන්තාව සමඟ ව්‍යාපාරික කටයුතු සුදුකරනු ලබන්නන් වඩාත් පරිස්සම් විය යුතුව තිබේ.

එම ලියකියවිලි ඉරා දැමුවා කියා ඒ ඇත්ත වහන්නට නොහැකිය. ඒ බව නොදැන ඇය මෙම කතාව කරනු ලැබුවේ කොමිසමේ සාමාජිකයන් එතරම්ම මෝඩයන් බව සිතා විය යුතුය. මෙහිදී පැහැදිලිවන කරුණ නම් ඇය තමාගේ පෞද්ගලික වෙනත් කෝන්තරයක් පදනම්කර ගනිමින් මෙම කොමිසම හමුවට පැමිණ ඇති බවය. එසේම මේ වන විට අයගේ තොරතුරු අඩංගුව තිබූ අන්තර්ජාල සමාජ මාධ්‍යවලින් එම තොරතුරු හා ඡායාරූප ගලවා ඉවත් කිරීමද සිදුව තිබේ. ඇය ශිෂ්ඨ සම්පන්න ලෙස කටයුතු කළේ නම් එලෙස සැඟවීමට වුවමනා නැත.

රාජපක්ෂලා බලය අල්ලයි

මේ අතර පසුගියදා වෙබ් අඩ්වි කිහිපයක පලවූ තොරතුරු වලින් කියැවුනේ ඇලෝසියස් මහතාව රාජපක්ෂවරුන්ගේ ග්‍රහනණයට ගැනීමේ මෙහෙයුමක් සිදුවෙමින් පවතින බවය. මේ වන විටත් ඔහුගේ මාධ්‍ය ජාලයේ ප්‍රධාන තනතුරුවලට රාජපක්ෂ හිතවාදීන් ‍රැසක් යම් ලෙසකින් එක්වී සිටින අතර එම මාධ්‍ය ජාලය රාජපක්ෂවරුන්ට පක්ෂපාත ලෙස පත්වාගෙන යෑම ඔවුන් විසින් සිදු කරමින් තිබේ. එහෙත් ඊට ඇලොසියස් මහතාගේ විරෝධය එල්ල වී තිබෙන බවත් එම තත්වයෙන් සිය මාධ්‍ය ගලවා ගැනීමේ වුවමනාවෙන් ඔහු පෙලෙන බවත් කියැවිනි. එම වටපිටාව තුල මෙම අනිකා විජෙසූරිය නැමැත්තිය පැමිණ ඇලෝසියස් මහතාට එරෙහිව සාක්ෂි දීම රාජපක්ෂවරුන්ගේ බලපෑම අනුව සිදුවූවක්ද යන්න ගැන සැකයක්ද ඇතිව තිබේ. මන්ද මැය, රාජපක්ෂවාදියකු වන මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කංචන විජේසේකරගේ සමීපතම ලබැඳි මිතුරියක වීම නිසාය. එමෙන්ම ඇයගේ පියාවන නහීල් විජේසූරිය මහතාද මහින්ද රාජපක්ෂ මහතාට සමීප ව්‍යාපාරිකයෙකි.

මාධ්‍ය විකෘතිය

ඒ කෙසේ වූවත් ඇයගේ ප්‍රකාශය පදනම් කර ගනිමින් එකිනෙකට වෙනස් මාධ්‍ය වාර්තා කිරීම් ගනනාවක් අද දිනයේ දකින්නට ලැබිනි. ඇලෝසියස් මහතාට අයත් -ජනයුගය- පුවත්පත තමන්ගේ ප්‍රධාන හතුරා කර ගෙන තිබෙන සෙසු පුවත් පත් විසින් මේ වාර්තා කර තිබෙනේ කිසි වගවිභාගයක් නොමැතිව ඇලෝසියස් මහතා සහ කරුණානායක මහතා බැඳුම්කර ගනුදෙනුවේ වරදකරුවන් බවට පත් කරමිනි. එසේම වෙබ් අඩවි සමාජ ජාලා විශාල ප්‍රමාණයක මේ වාර්තා කර ඇත්තේ ඇත්ත තතු විකෘති කරමිනි.

බොහෝ තැන් හී කියැවී ඇත්තේ අර්ජුන් ඇලොසියස් මහතා විසින් රුපියල් මිලියන 165 ක් වැය කර මෙම නිවස කරුණානායක මහතාගේ බිරිඳට මිලදී ගෙන දී තිබෙන බවය. නමුත් සත්‍ය නම් කරුණානායක පවුලේ සමාගමක් විසින් ඒ මිලදී ගැනීමය. ඇලොසියස් මහතා විසින් සිදු කොට ඇත්තේ මාස අටක පමණ කාලයක් සඳහා එම නිවස වෙනුවෙන් මාසික කුලිය ලබා දීමය. ඒ මුදලින් රුපියල් මිලියන11 පමණ වේ.

මේ නිවාස හුටපටය සමඟ මේ වන විටත් බොහෝ දෙනා තීන්දු කර ඇත්තේ බැඳුම්කර ගනුදෙනුවෙන් ඇලෝසියස් බිලියන ගානක් කොල්ල කෑ බවත් ඒ සදහා රවී කරුණානායක උදව් කළ බවත් ඊට සං‍තෝෂමක් ලෙස මෙම නිවස තැගී දී තිබෙන බවත්ය. එසේම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙලෙස ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගෙන කටයුතු කරන බවත් ඒ වැරදි සහගත බවත් කියැවේ.

කප්පම් යථාර්ථය

නමුත් මෙහිදී අවධාරණය කළ යුතු දෙය නම් මෙම නිවස කප්පමක් ලෙස රවී කරුණානායකට ලබාදීම හෝ එමඟින් බැඳුම්කරයේදි වංචාවක් වූ බවත් සනාත වන කිසිදු සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත්ව නොමැති බවය. ඒ තබා බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක් වී ඇති බව හෝ මෙතෙක් තහවුරු වී නැත. මේ සම්බන්ධයෙන් මීට පෙර නිකුත් වූ විගනකාධිපති වාර්ථාව දෝශ සහිත බව විගනකාධිපතිවරයාටම පිළිගැනීමට සිදු විය. ඒ පදනම් කරගෙන සකස් කළ කෝප් වාර්තාවද ඒ අනුව දෝස සහිත වන අතර එම වාර්තාව කොහොමටත් විවාදාපන්න විය. එහිදී ද බැඳුම්කර ගනු දෙනුවේදී වංචාවක් වී ඇති බව ප්‍රකාශ කළේ නැත.

දේශපාලකයකු තමාගේ හෝ තම පක්ෂයේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් නිවසක් ගොඩනැගිල්ලක් ඉල්ලා සිටීම, ලබාගැනීම හෝ බරපතල වරදක් බව චෝදනා කළ හැක්කේ එවැනි භාවිතාවන් ප්‍රතික්ෂේප කරන ඊට එරෙහි පිරිස වලට පමණි. ඒ අනුව ලංකාවේ කිසිදු දේශපාලකයකුට මෙම චෝදනාව කළ නොහැකිය. මන්ද ඒ සියලු දෙනා පැවැත්ම වෙනුවෙන් මෙවැනි ගණුදෙනු වල නිරත බැවිනි.

මෙහිදී වඩාත්ම පාරිශුද්ධ දේශපාලනය නිරතවනයාවාය කියන ජනතා විමුක්ති පෙරමුණ පවා මෙලෙසම ව්‍යාපාරිකයන්ගේන් කප්පම් ලබාගැනීම සිදුව තිබෙන බව රහසක් නොවේ. පක්ෂ කාර්යාල පමණක් නොව පෞද්ගලික පරිහරණයට ඉඩ කඩම් පවා එලෙස ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගත් ජවිපෙ නායකයන් සිටිති. මෙවා නිශ්චිතවම හෙළිදරව් වනු ඇත්තේ එම ව්‍යාපාරිකයන් හා විරසක වූ දිනටය. එතෙක් මෙවා කිහිප දෙනෙකු පමණක් දන්නා අප්‍රසිද්ධ රහස්ය.

කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු

ඒ කෙසේ නමුත් මෙරට පවතින ආර්ථික සමාජ දේශපාලන ක්‍රමවේදය අනුව මේ ක්‍රමය නඩත්තු කරගෙන යාමට වත්මන් ආණ්ඩුවට ද සිදුවී තිබෙන අතර ඉහත කී පරිදී විවිධාකාර ව්‍යාපාරිකයන් හා ගනුදෙනු පවත්වාගෙන යෑමටද සිදුව තිබේ. මේ දේශපාලකයන් විසින් බලහත්කාරයෙන් ලබාගනු ලබන දේවත් ව්‍යාපාරිකයන් විසින් අකමැත්තෙන් ලබාදෙන දේවත් නොව අනොන්‍ය අවබෝධයෙන් යුතුව ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා වන එකඟතාවයන්ය. දැවැන්ත හෝ වේවා කුඩා හෝ වේවා ව්‍යාපාරිකයන්ට අවස්ථාව, පහසුකම් සලසා දීමෙන් තොරව මේ සමාජ ක්‍රමය පවත්වාගෙන යා නොහැකිය. ඒ වෙනුවෙන් ව්‍යාපාරිකයන්ට ද දේශපාලකයන් නඩත්තු කරන්නට සිදුව තිබෙන බව සාමාන්‍ය තත්වයකි. ඒ වැරදි සහගත නෝ නිවැරදි වීම තීරණය වන්නේ පවත්නා සමාජ යථාර්තය තුලය. ඒ අවබොධ කර නොගෙන මෙම සිදුවීම අලලා කෙරෙන ප‍ටු විවේචන, අවස්ථාවාදී විවෙච්න මිස අවංක ඒවා වන්නෙ නැත.

ජනතාවට මේ කිසිවක් අදාල නැත

එමෙන්ම කෙලසෙන්නට තරම් ශුද්ධ වූ කිසිවක් නැති මේ යුගයේදී මේ ගෙවෙන්නේ මෙරට මාධ්‍ය ඉතිහාසයේ විනෝද ජනකම සමය බවත් ඉතා පැහැදිලිය. එකම සිදුවීම අලලා විග්‍රහයන් විශාල ප්‍රමාණයක් තම තමන්ගේ වාසිය අරමුණු කොට ගෙන සිදු වෙමින් පවතී. බැඳුම්කර කොමිසමේ කටයුතු වාර්තා කිරීමේදී ද මේ බව ඉතා පැහැදිලිව පෙන්වා තිබේ.

මේ විකාර සහගත තත්වයන් වල අවසානයේදී වන්නේ මේ කිසිවක් ජනතාව විශ්වාස නොකිරීමය. ජනතාව මේ කිසිවක් තමන්ගේ ජීවිතවලට, සමාජ භාවිතාවන්ට අදාල කර නොගැනීමය. ඒ හේතුව නිසාම එළඹන මැතිවරණයකදී යළිත් ජනතාව ලොකුම හොරුන්ට,ජාවාරම්කාරයන්ට, අපරාධකාරයන්ට බලය ලබාදීම විචාරයකින් තොරවම සිදු කෙරෙන අතර එවිට යළිත් ජනතාවටම ඒ වරද පැටවීමද මේ මාධ්‍ය විසින්ම සිදු කරනු ලබයි. යළි යළිත් එකම දේ සිදුවීම වනු ඇත.

 

- මහේශාඛ්‍ය

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us