''චීස් වුනත් පරන වුනාමනේ රහ බං''

Published in Gossip
Monday, 15 September 2014 11:10

එකමත් එක දවසක හිවල් වර්ණනාවට රැවටුනු කපුටා සහ කේජු කෑල්ලේ කථාවෙන් පසු 70 දශකයේ මැතිවරණ වේදිකා දෙවනත් කල සුප්‍රසිද්ධ ඇන් ඇම්, කොල්වින්, කෙනමන්, ලෙස්ලි, පිලිප් ප්‍රධාන වාමාංශික නායකයන්ගේ දේශපාලන කතා තුල නිතැනින් කියැවෙන ආහාර පාන වට්ටෝරුවක් තිබුනේය. ධනපති විරෝධි ඔවුන් ධනපති ක්‍රමයට පහර ගැසීමට ඔවුන්ට සුවිශේෂි ආහාර වට්ටෝරු ඉදිරිපත් කළේය.

චීස්, බටර්, හැම්, බේකන්, විස්කි ඡින්, බ්‍රැන්ඩි, වයින් එම වට්ටෝරුවයි. පසු කල ආර් ආර් සමරකෝන් ශුරීන්ගේ සුප්‍රසිද්ධ කැළනි පාලම වේදිකා නාටකයේ රඟපෑ නීල් අලස් හා මැනිකේ අත්තනායක අතර සිදුවන ආදර දෙබසක ''චීස් වුනත් පරන වුනාමනේ රහ බං''යනුවෙන් පරණ චීස් වල ඇති රසය ගැන ආදරයට මුසු කොට වර්ණනා කරන්නේය.


එකල ගම් වාසීන්ගේ මනසට හා දිවට චීස් නොහොත් කේජු පරිනාමය වුයේ එසේය. ඒ එදාය. අද ගිහි පැවිදි සියල්ලෝම කේජු කති. ඉහත වට්ටෝරුවම හොදට භුක්ති විඳිති. කැළනි පාලමේ ලෙස චීස් වල රස ඇත්තේ පරණ වුනාමය. චීස් ඉතිහාසය එයට සාක්ෂි දරයි. එම ඉතිහාසයේ ආරම්භය පෝෂණය කළ මුලික රටකි ප්‍රංශය.


චීස් හෙවත් කේජු ආරම්භය ග්‍රීක හා රෝම අධිරාජ්‍ය පාලනය දක්වා අතීතයට දිව යන්නකි. එසේ වුවද 19 වන හා 20 වන සියවසෙන් පසු ප්‍රධාන ලෙස චීස් නිෂ්පාදනය කොට වෙළඳ පොලට සපයන රටවල් බොහෝය. ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, එංගලන්තය, නෙදර්ලන්තය, ඉතාලිය, පෘතුගාලය,ස්පාඤඤය, ඒ අතරින් කිහිපයකි.


එසේ වුවද ප්‍රංශය ලොව පිලිගත් සුප්‍රසිද්ධ චීස් නිශ්පාදනය කරන ප්‍රමුඛයාය. ඒ අතරින් ප්‍රංශයේ රොක්පෝර් චීස් වර්ගය එයට පමනක් ආවේනික රසක් ඇති ලොව ප්‍රසිද්ධ හා චීස් උපත සිදුකල චීස් මාතාවක් ලෙස සැළකේ. එබැවින් රොක්පෝර් (Roquefort) චීස් ගැන දැන ගැනීම වටින්නේය. උසුළු විසුුළු කතා අතරට පරණ චීස් රස බව ආරම්භ වන්නේ ඉහත රොක්පෝර් චීස් සමගය. චීස් සදහා නීතිරීති, ප්‍රමිතිකරණ, ශ්‍රේ‚කරන, පරීක්ෂන, නව සෙවීම්, ආදි සියලූදැ ඇරඹෙමින් සමාජ ගත වන්නේ මෙම රොක්පෝර් චීස් සමගය. එබැවින් චීස් වල රජු හා චීස් රජු ලෙස චීස් සමාජයේ රොක්පෝර් ප්‍රධානියා ලෙස ලොව පිලිගන්නේය.


ප්‍රංශයේ අග නගරය පැරීසියේ සිට කි:මී: 742ක් දකුනු දිග ප්‍රංශයේ ඇව්රොන් යනුවෙන් හදුන්වන ප්‍රංශ පරිපාලන පලාතට අයත් මුහුදු මට්ටමින් මීටර් 630ක උසකින් පිහිටී කුකුළාගේ ඇඬලීමෙන් අවදිවී රැහැයි හඬින් නින්දට යන පවුල් 679ක් ජීවත් වෙන ඉතාමත් රමනීය කඳු වලල්ලකට මැදිවු සශ්‍රීක සුන්දර ගමකි රොක්පොර්.

එහි උපත ලද චීස් එම ගමේ නමින් අද ලොව ප්‍රචලිතවී ඇත්තේය. 14 වන සියවසේ ප්‍රංශයේ එම ප්‍රදේශය පාලනය කල හයවන චාර්ල්ස් රජු සමයේ උපත ලබන ඉහත චීස් වර්ගය, එකල රජ පවුලේ අහාර පාන අතරට එක්වීමෙන් පසු 1411දි එම රජු විසින් සම්මත කල අණ පනත් අතරින් මෙම ගමේ නිපැයූ චීස් මහජන ආහාරයට සුදුසු බව පිලිගෙන ඇත්තේය.

 

 


ඉන් අනතුරුව 1666 දී ව්‍යාජ රොක්ෆෝර් සදහා නීතියක්ද 1925 ජූලි 25 වෙනිදා රොක්ෆොර් නාමය නීති ගත කල අතර චීස් සදහා 1951 ජාත්‍යයන්තර ස්ටේ්‍රසා නීතියද, 1996 ජූනි 12 වෙනිදා හා 2001 ජනවාරි 22දා ද සම්මතවූ අණ පනත් මගින් චීස් ආහාරය සුරක්ෂිත කළේය. එය සිදු වුයේ ඉහත රොක්ෆොර් චීස් වර්ගය ප්‍රධාන කොටය.


බැටළුවාගේ ගැහැණු සතාගේ කිරි මෙම චීස් නිශ්පාදනයට යොදා ගන්නේය. එසේ වුවද බැටළුවන්ගේ ලකෝන් (Lacaune) යන කුලයට අයත් ගැහැණු සතාගේ කිරි පමණක් මේ සදහා භාවිතා කිරීම විශේෂවේ. එම කුලයට අයත් බැටළුවන් 750,000ක් පමණ මේ වන විට ප්‍රංශයේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන බව සංඝණන වාර්තා එළි දක්වා ඇත්තේය.

දකුනු දිග ප්‍රංශයේ ඇව්රොන් (Aveyron), ත්‍රාන් (Tarn), ලොෂේර් (Lozère), ගාර් (Gard), එරෝට් (L’Hérault) හා ඕඩ්(Aude) යන පලාත් වල මෙම බැටළුවන් ජීවත් වන අතර ඔවුන් ඇති කිරීම මෙම චීස් සදහාම පමණක්වේ. සාමාන්‍ය බැටළුවකුගේ කිරි ධාරිතාවය ලීටර් 400ක් වන විට මොවුන්ගේ ධාරිතාවය ලීටර් 240කි. එයද සුවිශේෂි කරුනකි. මොවුන් සියල්ලෝ සරු සාර තෘණ භූමී වාසියෝය. එයින් නිපැයුනු චීස් ගුලිය මහා කන්දක් පාමුල ඇති සොබාව දර්මයාගේ විස්මිත නිපැයුමක් වූ බිංගුහාවක අඩුම තරමින් මාස තුනක් සඟවති . ලොව ප්‍රචලිත රොක්ෆෝර් චීස් උපත ලබන්නේ මෙම ගුහාව තුලදීය. එය අතිශය රහස්‍යයය.


රොක්ෆෝර් ගම වට කර ඇති කඳු ගැටයක පාමුල පිහිටි මෙම බිං ගුහාව ඉහත චීස් වර්ගයේ තිඹිරිගෙය ලෙස සැළකේ. සොබාව දර්මයේ අනර්ග නිර්මාණයක් ලෙස ගොඩ නැගුනද වර්තමානය වන විට නවීන ක්‍රමයට පිලිසකර කොට දීර්ඝ කාලයක් භාවිතයට ගත හැකි ලෙස ගොඩ නගා ඇත්තේය. කි:මි: 2ක් දිග මීටර් 30ක් පළල මෙම බිං ගුහාව තුල සියයට 95ක අර්ද්‍රතාව හෙවත් තෙතමනයද සෙන්ටිග්‍රේඩ් 08 හා 10 අතර උෂ්නත්ව පාලනයක්ද කිසිම යන්ත්‍ර සූත්‍ර භාවිතයකින් තොරව පාලනය වන අතරම මුළු අවුරුද්ද මුළුල්ලේම උෂ්ණත්ව පාලනය එළෙසම පවත්වා ගනී.


අඩුම තරමින් මාස තුනක් මෙම පරිසරය තුල තැන්පත් කරන චීස් වල ලා කොළ පැහැති දිලීරයක් ප්‍රජනනය කරවයි. අපේ සාමාන්‍ය වහරට අනුව එය පුස් වර්ගයක් ලෙස හඳුන් වන්නේය. දිලීරය වැඩීමෙන් පසු ඒ සදහා සුවිශේෂි රස බලන්නෙක් විසින් අනුමත කල පසු මහජන පරිහරණය සදහා එම චීස් වෙළඳ පොලට නිකුත් කරනු ලැබේ.


පසුගියදා මියගිය වයස අවුරුදු 79ක් වයැසැති ප්‍රංශ ජාතික මොරිස් ඇස්ටුරුක් (Maurice astruc) ඉහත චීස් වල පැරණිම රස පරීක්ෂක වුයේය. ඔහු ලෝක ප්‍රසිද්ධ චීස් වල රස පරීක්ෂකයෙක් ලෙස පිළි ගැනේ. මෙලෙස බිහිවූ රොක්ෆෝර් චීස් ඈත අතීතයේ ඖෂධයක් ලෙස භාවිතා කිරීමට ප්‍රංශ වැසියෝ පුරුදුවී සිටි බව චීස් ඉතිහාසයේ සටහන්ව ඇත.

වර්තමානයේ දහස් ගනනක් චීස් වර්ග වල උපත සිදු වන්නේ ප්‍රංශයේ රොක්ෆෝර් බිහිවීමත් සමගය. එබැවින් රොක්ෆෝර් චීස් වල රජු ලෙස ඉතිහාස ගතවී ඇත්තේය. ග්‍රීෂ්ම නිවාඩුවට ඉහත ග්‍රාමය දැක බලා චීස් රස බැලූ මම, තවත් දැවැන්ත විශ්මිත නිර්මාණයක්වූ ලෝකයේ උසම පාළම දැකබලා ගැනීමට පිටත් වූයෙමි.


(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

unnamed1

unnamed2

unnamed3

unnamed4

unnamed5

unnamed6

unnamed7

unnamed8

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us