මහරාජා, අනූෂිව හෝටල් කාමරයෙන් එළියටම දාලා

Published in Gossip
Tuesday, 12 July 2016 08:42

පාවෙන අවිගබඩා ව්‍යාපාරය තමන් සතු කර ගැනීමට කිලී මහරාජා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු පාලනය කර ගැනීම සඳහා යෙදවූ අනූෂා ජයවර්ධන නොහොත් අනූෂි යන රූමතියට පසුගිය කාලයේ ලබා දී තිබූ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ, මොනාර්ක් නම් සුපිරි නවාතැනින් ( apartment) එළවා දමා ඇති බව වාර්තාවේ.

මෙම කාමර තුනකින් සමන්විත අධි සුඛෝපභෝගී නවාතැන පසුගිය දෙසැම්බර් මාසයේදි ඇය වෙත ලබා දී තිබුණේ පාවෙන අවිගබඩා ව්‍යාපාරය මහරාජා සංවිධානය වෙත ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය සඳහා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන පොළඹවා ගැනීමේ ප්‍රමුඛ කටයුත්ත ඉලක්ක කරගෙනය. එය අනුෂි විසින් ඉතා කෙටි කලකදී සාර්ථකව ඉ‍ටු කරනු ලැබීය. අනූෂි රුවන් විජේවර්ධනයේ පෞද්ගලික ලේකම් වරිය ද වේ. රුවන් පොළඹවා ගැනීමට ඇයට හැකි වූවද නාවික හමුදාව විසින් එම ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කිරීම නිසා මහරාජාගේ අරමුණ ඉ‍ටු නොවීය. අන්තිමට අනූෂිට සිනමන්ග්‍රන්ඩ් හෝටලයෙන් දොට්ට බහින්නට සිදු වූ අතර දැන් ඇය ගේ ඉඳුම් හි‍ටුම් සිට දුක සැප බලන්නට වී ඇත්තේ රුවන්ටය. රුවන්ගේ සම්බන්ධීකරන ලේකම් වරයකු වන කරුංකා චමින්ද ඇයව නඩත්තු කිරීම සඳහා වන තවත් ව්‍යාපාරිකයන්ගෙන් මිල මුදල් එකතු කරමින් සිටින බවද දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් අනූෂිව රුවන්ට හඳුන්ව දීම සිදු කරන්නේ මහරාජා ව්‍යාපාරයෙ ප්‍රධානියකු වන නිමල් කුක්ය. අනුෂි මීට පෙර රාජපක්ෂ රෙජිමය හා සමීපව කටයුතු කළ කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපරිකයකුගේ පෙම්වතියකව ලෙස සිටි අතර ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිමෙන් පසුව එම පෙම් හබය නිමා විය. අනූෂිව මෙම කටයුත්ත සඳහා යොදවනු ලැබුවේ ඒ සාර්ථක වුවහොත් ඉහත කී සිනමන්ග්‍රෑන්ඩ් හොටලයේ නවතැන ඇයට සින්නක්කරේටම ලබා දෙන පොරොන්දුව මතය.

නිමල් කුක් විසින් පාවෙන අවිගබඩා වයාපාරය සම්බන්ධ මහරාජා ව්‍යාපාරයේ සක්‍යතා අධ්‍යන වාර්තාවක් සහිත මූලික වාර්තාවක් අනූෂි හරහා රුවන් විජේවර්ධනට ලබා දුන් අතර රුවන්ට ඒ පිලිගැනීමට සිදුවන ලෙස අනුෂි සාර්ථකව එම කටයුත්තේ නියැලි තිබිණි. මෙහෙයුමෙන් මුල් අදියර සාර්ථක වීම නිසා සිනමන් ග්‍රෑන්ඩ් නාවතැන කුලී පදනම යටතේ ඇය වෙත ලබා දීම මුල් අවස්ථාවේදී සිදු කර තිබිණි. ලක්ෂ තුනකට අධික මෙම මාසික  කුලිය ගෙවීමටද කරුංකා චමින්ද ව්‍යාපාරිකයන්ගෙන් සම්මාදම් එකතු කළේය. එහෙත් පසුව එවකට සිටි ආරක්ෂක ලේකම් බස්නායක විසින් එම වාර්තාව නොසලකා හැර තිබිණි. එහෙත් පසුව කරුංකා චමින්ද නැමැති අය මෙම ව්‍යාපාරයට සම්බන්ධ වීම වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් විදේශිය ව්‍යාපාරිකයකුවද නිමල් කුක් වෙත හදුන්වා දුන් අතර පසුගිය මහ මැතිවරණයෙන් පසුව එම කණ්ඩායම එක්වී නැවත වරක් නව සැලැසුම් වාර්තාවක් සහිතව මෙම ව්‍යාපෘතියට අවසර ඉල්ලන ලදි.

එම මොහොතේදි එම ව්‍යාපෘති වාර්තාව නාවික හමුදාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා යොමු කරනු ලැබීය. එහෙත් එය ඇවන්ගාර්ඩ් සමාගම සම්බන්ධයෙන් නාවික හමුදාව ඉදිරිපත් කළ කරුණු මතම හිඳ මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියමින් ඒ ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම තත්වය මත එම ප්‍රතික්ෂේප කිරීම සිදු කළ නාවික හමුදා නිලමඩුල්ලට නොයෙක් කෙනෙහිලි කම් වලටද මුහුණ පෑමට සිදුව තිබේ. ඒ කෙසේ නමුත් පසුව නව ව්‍යපෘතියක් ලෙස ගාල්ලෙ සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු මාර්ගයෙන් පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතියක් සඳහාද මහරාජා විසින් අවසරය ඉල්ලීය. එය ඒවන විට නාවික හමුදාව විසින් සිදු කරමින් පැවැතිනි. එයටද නාවික හමුදාව එරෙහි විය. මේ අනුව මහරාජගේ බලාපොරොත්තු සුන් වු අතර ඇවන්ගාර්ඩ් ව්‍යාපරය ඩැහැගැනීම සදහා මහරාජා කැස කවන බවට තොරතුරු මාධ්‍යවල පලවීම ආදිය නිසාත් එම උත්සහයන් තාවකාලිකව අකුලා ගනු ලැබීය. මෙම ව්‍යාපාරයේ කාර්යාලය වෙනුවෙන් කොළඹ පිත්තල හංදියේ සිව් මහල් ගොඩ නැගිල්ලක්ද කුලියට ගෙන තිබිණි. අවසන අනුෂා ලවා තවත් කරවා ගැනීමට දෙයක් නොමැති බැවින් ඇයවද පසුගියදා නවාතැනින් එලවා දමන ලදී.

අනුෂී සම්බන්ධ කෙරගෙන රුවන් විජෙවර්ධන්වත් ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්වත් සිය කූට අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ කටයුතේ දි කරුංකා චමින්ද, මහරාජා වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ඇත. මෙවා ප්‍රසිද්ධ රහස්ය. එහෙත් ඔහු තවමත් යෙහෙන් සිටී.


රාජපක්ෂ සමයේදී මෙම තක්කඩියා විසින් සිදු කරනු ලැබූ ඩයිනමයිට් ගනු දෙනුවක දි රුපියල් බිලියන ගනනක වංචාවක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ජනාධිපති පරීක්ෂණ කොමිසමත් විමර්ශනයක් පවත්වාගෙන යයි. මෙම මුල්‍ය අක්‍රමිකතාවයට වඩා අඩු වටිනාකමක් සහිත අක්‍රමිකතාවයක් වෙනුවෙන් නාමල් රාජපක්ෂව පවා පසුගියදා අත් අඩංගුවට ගත් නමුදු කරුංකා චමින්ද නිදැල්ලෙ පසුවෙයි. ඒ ආරක්ෂක ඇමතිගේ අනුහසින් විය හැකිය. රුවන් විජෙවර්ධනලාට කරුංකා චමින්දලා වැනි තක්කඩියන්, තමන්ගේ නරක ඇවතුම් පැවතුම් වෙනුවෙන් අවශ්‍ය වනවාද විය හැකිය. සිදුව තිබෙන දේවල් වල හැටියට එසේ සිතීමට සිදුවීම කාටත් සාධාරණය.

මේ අතර කරුංකා චමින්ද , අනුෂී සම්බන්ධ වී කෙරෙන රේගූ වංචාවක් ගැනද අපට තොරතුරු ලැබි තිබේ. ඒ ඉදිරියේදී හෙලිදරව් කිරීම සිදුවනු ඇත. කරුංකා චමින්ද මුදල් ඇමැති රවී කරුණානායකගේද අතිශය සමීප ආධාර කරුවෙකි.

සැබැඳි පුවත්

ආරක්ෂක අමාත්‍යංශයේ 'රෝ' ඔත්තුකරුවෙක් ! 

රුවන්ට අපලයි, තිරුපති යයි. අනුග්‍රහය මහරාජාගෙන් 

පාවෙන අවිගබඩා ව්‍යාපාරය මහරාජාට ! රුවන් උගුලක, අර්ජුන ගිනි පිබියි, අනුර හොරි කසයි. 

Last modified on Tuesday, 12 July 2016 08:51

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us