කොදෙව් ක්‍රිකට් අර්බුදයක්

Published in ක්‍රීඩා
Sunday, 12 October 2014 09:34
කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩකයින් අතර වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් අර්බුදයක් හට ගෙන තිබේ.
කොදෙව් එක්දින කණ්ඩායමේ නායක ඩ්වේන් බ්‍රාවෝ  සිය නව වැටුප් ගිවිසුම් සම්බන්ධයෙන් පවත්නා ගැටළු කඩිනමින් නිරාකරණය කරගැනීම සඳහා මැදිහත් වන්නැයි කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ඩේව් කැමරන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. ලිපියක් යොමු කරමින් බ්‍රාවෝ පෙන්වා දෙන්නේ එවැනි සම්මුතිවාදී ප්‍රවේශයකට එළැඹීමේ අවශ්‍යතාවක් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට නොමැති නම්,ගැටළුව තමන්ගේම ක්‍රමයකට විසඳා ගැනීමේ පිලිවෙතක් වෙත ක්‍රීඩකයින් නැඹුරු වනු ඇති බවය.
 
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය මින් ඉදිරියට තමන් වෙනුවෙන් පෙනී නොසිටින බවත්, ගැටළු නිරාකරණය කිරීමට නොහැකි කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවත් බ්‍රාවෝ මෙම ලිපියෙන් අවධාරණය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
 
ඩ්වේන් බ්‍රාවෝ පෙන්වා දෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය මෙම ප්‍රශ්නය උපයෝගී කර ගනිමින් වෙනත් ව්‍යාපෘතිවල නිරත වන බවයි.   එවැන්නන් හට තම ක්‍රීඩකයින් නියෝජනය කිරීමට නිල අයිතියක් නැතැයි ඔහු අවධාරණය කර තිබේ.
 
කොදෙව් කණ්ඩායම මේ වනවිට ඉන්දීය කණ්ඩායම සමග තරග 05 කින් සමන්විත එක්දින තරඟාවලියකට ක්‍රීඩා කරමින් සිටින අතර, ඔවුන් සිය ඉල්ලීම් වෙනුවෙන් මෙම තරඟාවලිය වර්ජනය කරනු ඇතැයි ප්‍රථමයෙන් බිය පල විය.තමන් වෙනුවෙන් නිල ප්‍රකාශ නිකුත් කල හැක්කේ කවරෙක්ටද යන්න ඉදිරියේ දී නිවේදනය කරන බව ද මෙම ලිපියේ සදහන්ය. 
 
ක්‍රීඩකයින් පළමු එක්දින තරගය වෙනුවෙන් පැවති පුහුණු සැසිය හිටිවනම අත්හිටුවීමත්,මාධ්‍ය සාකච්ඡාවට සහභාගී නොවීමත් ඊට හේතුවයි.ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවන තරග ගාස්තුව යනාදියෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් නව ගිවිසුම හරහා කපා දමා ඇතැයි පෙන්වා දෙන කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් අවධාරණය කරන්නේ වහා එම තත්ත්වය නිවැරදි වියයුතු බවය.

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us