මම සූදානම් - සචිත්‍ර සේනානායක

Published in ක්‍රීඩා
Tuesday, 14 October 2014 10:18

මේ දිනවල ක්‍රියාත්මක වන වෙළඳ සේවා ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ පරීක්ෂණයට නැවත මුහුණදීමට සූදානම් වන බව සචිත්‍ර සේනානායක ප්‍රකාශ කරයි.

නව පන්දු යැවීමේ ඉරියව්වක් සමග නැවත දේශීය ක්‍රිකට් පිටියට පැමිණ සිටින සචිත්‍ර මෙවර වෙළඳ සේවා තරගාවලියේ තරඟ පහකදී කඩුලු නමයක් බිඳ හෙලා තිබේ.

"අපිට මෙහෙ පහසුකම් නැහැ ඉරියව් පරීක්ෂා කරන්න. ඉතින් මේ තරඟාවලිය අවසානයේ මම බලාපොරොත්තුවෙනවා පරීක්ෂණයකට ගිහින් ඉරියව්ව පරීක්ෂා කරගන්න," යනුවෙන් ඔහු සඳහන් කළේය.

ජගත් පාලක මණ්ඩලය විසින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පරීක්ෂණයේදී තම නව පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ඔහු සහතික කරවා ගත යුතුයි.

සිය නව ඉරියව්ව පන්දු යැවීමේ ඉරියව් සීමාව වන අංශක 15 ට වඩා අඩු බව සචිත්‍ර සේනානායක පැවසීය.

"පන්දු යවන්න කලින් මම විනිශ්චයකරුවන්ටත් කිව්වා ඉරියව්වේ ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න කියලා. මේ වෙනකම් නරක ප්‍රතිචාරයක් ලැබිල නැහැ."

පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේද පුහුණු සැසියකට සහභාගි වූ සචිත්‍ර පවසන්නේ තම නව ඉරියව්වත් සමඟ ඉදිරියේදී තවත් හොදින් පන්දු යැවීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

"ඒකෙන් මට ලොකු ප්‍රයෝජනයක් වුනා. දැන් පන්දුව ඉස්සරට වඩා ඉපිලෙනවා මම පන්දු යවනකොට. කොයි දේ වෙන්නෙත් හොඳටයි කියනවා නේ ඒ වගේ මේකෙනුත් මොකක් හරි හොඳක් වෙයි."

පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණය සමත් වී නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී එංගලන්ත කණ්ඩායමත් සමග තරඟ වැදීම සචිත්‍ර සේනානායකගේ බලාපොරොත්තුවයි.

(බිබිසි)

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us