පරාජයේ වගකීම භාර ගන්නවා -සනත්

Published in ක්‍රීඩා
Tuesday, 18 November 2014 09:50

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක් අත් කර දුන් ඉන්දීය සංචාරයේ වගකීම තමා භාර ගන්නා බව තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

නමුත් ක්‍රිකට් ක්‍රීඩකයන් තෘප්තිමත් කිරීමට ක්‍රිකට් බලධාරීන් අසමත් වී ඇති බවට නැගෙන චෝදනා සනත් ජයසුරිය මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කරයි.

ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය පිළිබඳව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම් තර්ක විතර්ක ඇති විය.


ක්‍රීඩා ඇමති


ඉන්දීය සංචාරයේ දී ලැබූ අන්ත පරාජය පිළිබඳව ක්‍රීඩා ඇමතිවරයා වෙත ඇඟිල්ල දිගු කළ නොහැකි බවට සනත් ජයසුරිය ප්‍රකාශ කළත් අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ ක්‍රීඩා ඇමතිවරයා ඊට සෘජුවම වගකිව යුතු බවයි.

මෙසේ දිගින් දිගටම ක්‍රීඩා ඇමතිවරයාට චෝදනා එල්ල කරමින් සිටියදී අර්ජුන රණතුංග මන්ත්‍රීවරයාට සභාවෙන් බාධා එල්ල වන්නට විය.

ක්‍රීඩාවේ දී ජය පරාජය යන දෙකම පවතින බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේය.

ඉන්දියාවේ දී ලැබූ අන්ත පරාජයට ක්‍රීඩා ඇමතිවරයා ඇතුළු සියලු බලධාරීන් වගකිය යුතු බව  එක්සත් ජාතික පක්ෂයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසිය.


ඔලිම්පික් සහ රග්බි


ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් ඔලිම්පික් කමිටුව ගැනත් පාර්ලිමේන්තුවේදී කතා බහට ලක් විය.

ජාතික ඔලිම්පික් කමිටුව දූෂිත වී ඇති බවට ඩිලාන් පෙරේරා ඇමතිවරයා බරපතළ චෝදනාවක් එල්ල කළේය.

ක්‍රිකට් සහ ඔලිම්පික් පමණක් නොව, ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ද පාර්ලිමේන්තු අය වැය විවාදයේ මාතෘකාවක් බවට පත් වී තිබුණි.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව තරුණයන් තිදෙනෙකුගේ පාලනයට නතු වී ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ සුජීව සේනාසිංහ මන්ත්‍රීවරයා චෝදනා කළේය.

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us