දැල්පන්දුවේ පටලැවිල්ල

Published in ක්‍රීඩා
Wednesday, 16 July 2014 10:41

ආසියාවේම ක්‍රිකට්‌ ශූරයෝ අපි වීමු. ඒ මීට මාස කිහිපයකට පෙරය. දැල්පන්දුවෙන්ද අපි ආසියානු ශූරියෝ වීමට සිහින මවමින් සිටිමු. ක්‍රිකට්‌ සහ දැල්පන්දු හැරුණු විට ආසියාවම මෙල්ල කිරීමට අපේ සෙසු කණ්‌ඩායම් ක්‍රීඩාවන් හි අසිපත ශක්‌තිමත් නොමැත.

එබැවින් ආසියානු දැල්පන්දු කිරුළ යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමට එහි අසිපතේ මළකඩ සුද්ද පවිත්‍ර කර සකස්‌ කර ගත යුතුය. එය භාර වන්නේ පරිපාලනයට. දැල්පන්දු පරිපාලනයේ ඇතැම් ජර මර අළු යට ගිනි පුපුරු මෙන් තිබුණහොත් යළිත් ශ්‍රී ලංකාවට ආසියානු දැල්පන්දු කිරුළ ගිලිහෙන්නට පුළුවන. ඊට පෙර පටලැවි ඇති දැල්පන්දුව ලිහා ගැනීමට අදාළ බළධාරීන්ට අපි මෙසේ මුක්‌කුවක්‌ ගසමු.

2012 දී සත්කාරක භූමියේදීම ශ්‍රී ලංකාවට දැල්පන්දු කිරුළ අහිමි විය. ඒ සිංගප්පූරුව හමුවේය. එදා පරාජයට හේතු පාදක කරුණු ගැන නොයෙක්‌ මැසිවිලි නැගිණි. පුහුණුකාරිණියගේ ක්‍රියා කලාප විවේචනයට බඳුන් විය. තවත් විටෙක තේරීම් කමිටුව විවේචනයට ලක්‌විය. කෙසේ වෙතත් ක්‍රීඩාවේදී ජය පරාජය දෙකටම හුරු විය යුතුය. එබැවින් පරාජිතයන් සොයා ඔවුන්ව දඩුකඳේ ගැසීමක්‌ හෝ ඔවුන්ව රටෙන් පිටුවහල් කිරිමේ ක්‍රමවේදයක්‌ ලෝක ක්‍රීඩාවේ කිසිම පරිපාලනයක නොමැත. සිදුවිය යුත්තේ වරද නිවැරදි කරගනිමින් ඉදිරියට යැම පමණි. එහෙත් වත්මන් ශ්‍රී ලංකා දැල්පන්දුවේ වරදක්‌ සිදුවී ඇති බැවින් එය නිවැරදි නොකර ඉදිරියට යා හැකිද යන්න ප්‍රශ්නාර්ථයක්‌ මතුව තිබේ.

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙරට ක්‍රීඩාවේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරන බව අපි දනිමු. එහෙත් විටෙක ඔහුව කඩේ යවන පුද්ගලයන් සිටින බවද මතක්‌ කරදීම කාලෝචිතය. ක්‍රීඩා ඇමැතිවරයා සියලු ක්‍රීඩා සංගම් සුද්ද පවිත්‍ර කර ඔහුගේ පට්‌ටමත් මෙරට ක්‍රීඩාවත් ඉහළින් ඔසවා තබන්නට නොයෙකුත් උපක්‍රම ගෙන ආවේය. එහිදී තේරීම් කමිටුව නම් කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශය හරහාය. තේරීම් කමිටුවක්‌ නම් කරන ඕනෑම සංචිතයකට ක්‍රීඩා ඇමැතිවරයා අත්සන යොදයි. ඒ තේරීම් කමිටුව කෙරෙහි ඔහු තබා තිබෙන විශ්වාසය නිසා විය හැකිය. ආසියානු කුසලාන සඳහා නම් කළ දැල්පන්දු සංචිතයටද ක්‍රීඩා ඇමැතිවරයා මෙසේ අනුමැතිය දෙනු ඇත. එහෙත් ආසියානු කුසලානට යන කඳවුර නිර්මාණය කිරීම උදෙසා වැඩ පටන් ගත් මෙරට වත්මන් ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ගෙදරය. එය ක්‍රීඩා ඇමැතිවරයාගේ අතපසුවීමක්‌ද නැතහොත් දැල්පන්දු පරිපාලනයේ 'ගේමක්‌ද' යන්න අපි නොදනිමු.

අපි දන්නා දේ අනුව යමින් දීප්ති අල්විස්‌ යනු වත්මන් දැල්පන්දු ජාතික පුහුණුකාරිණියයි. දශක තිහකට ආසන්න කාලයක්‌ ශ්‍රී ලංකාවේ දැල්පන්දුවත් සමග ගැටුණු ඇය පළමු වරට ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශය පත් කළ විශේෂ කමිටුවක්‌ හමුවේ සිය සුදුසුකම සපුරා වැඩ පටන් ගත්තේය. එහෙත් මාස පහක්‌ යන විට දීප්ති අල්විස්‌ට ගෙදර යැමට සිදුවිය. ඊට හේතුව තවමත් අළු යට ගිණි මෙනි. ආසියානු කුසලානට යන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේදීද දීප්ති අල්විස්‌ගෙන් කිසිදු උපදෙසක්‌ නොගෙන ඇති බව වාර්තා වේ. ඒ ඇයට දැල්පන්දු පුහුණුකාර ධූරය පට්‌ටමට පමණක්‌ පිරිනමා ඇති නිසා විය හැකිය. ආසියානු දැල්පන්දු ශූරතාව අත පොවන මායිමට පැමිණ සිටියදී ජාතික පුහුණුකාරිණිය එළවා දමන්නට ඇතැම් පාර්ශ්ව දැන් කටයුතු කළ හමාරය.

එළැඹෙන සැප්තැම්බර් මාසයේදී සිංගප්පුරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාවට යන ශ්‍රී ලංකා කඳවුර දැන් පුහුණු කරනු ලබන්නේ 2012 වසරේ ජාතික පුහුණුකාරිණිය වු හයසින්ත් විඡේසිංහය. ඇයටද එදා කණ්‌ඩායමේ පරාජයෙන් පසු නොයෙක්‌ චෝදනා එල්ල විය. ඇයගේ සහය පුහුණුකාරිණිය වූයේ දිප්ති අල්විස්‌ය. 2014 ජාතික පුහුණුකාරිණිය ලෙස දීප්ති අල්විස්‌ ඉහළම ලකුණු ලබද්දී ඒ සඳහා තරගයක්‌ දීමට කිසිවකුටත් නොහැකි විය. එබැවින් ක්‍රීඩා ඇමැතිවරයාද ජාතික පුහුණුකාර තනතුර ඇයට භාර දෙන ලදී. නමුත් තරගාවලියට මාස දෙකක්‌ තිබෙද්දි කිසිදු හේතු පාදකයක්‌ නොදක්‌වා ජාතික පුහුණුකාරිණිය පිටුවහල් කිරීම සදාචාර සම්පන්න නොවන බව අපගේ හැඟීමයි.

දීප්ති අල්විස්‌ එළවා දැමුවේ ඇයිද? යන ප්‍රශ්නයට වත්මන් දැල්පන්දු අතුරු කමිටුව උත්තර බැඳිය යුතුය. නැතිනම් ක්‍රීඩා අමාත්‍යාංශය ඒ සඳහා උත්තර සැපයිය යුතුය. එසේ නොවන්නේ නම් දීප්ති අල්විස්‌ව අදාළ තනතුරට පත්කළ කමිටුව දඩුකඳේ ගැසිය යුතුය. නැතිනම් ක්‍රීඩා ඇමැතිවරයා සිය අත්සන යොදා දීප්ති අල්විස්‌ට භාර දුන් ජාතික පුහුණුකාර පත්වීම් ලිපිය ගෙනවිත් කෑලි කෑලි වලට ඉරා වරදක්‌ වූවානම් නිවැරදි කරගත යුතුය. දීප්ති අල්විස්‌ව ජාතික පුහුණුකාර ධුරයෙන් ඉවත් කිරිමේ හේතුව, ආසියානු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ අවසන් ප්‍රතිඵලය එනතුරු අළු යට ගිනි පුපුරු මෙන් සඟවා තබා ගන්නේ කුමන හේතුවකටද යන්න අපි නොදනිමු.

දීප්ති අල්විස්‌ගේ දියණියද ජාතික දැල්පන්දු කණ්‌ඩායමේ ක්‍රීඩිකාවකි. අම්මා පුහුණු කරන කණ්‌ඩායමේ දියණිය සිටින්නේ කෙසේද යන්නත් මාතෘකාවට බඳුන් විය. එහෙත් දක්‍ෂතාව මත පදනම්ව ඇගේ දියණියද ජාතික කණ්‌ඩායමේ දක්‍ෂ ක්‍රීඩිකාවක්‌ වුවාය. අම්මා තේරීම් කමිටුවේ සිටින විට දියණිය කණ්‌ඩායමට රිංගුවානම් (දක්‍ෂතා නොමැතිව) සාධාරණ සැකයක්‌ ක්‍රීඩා ලෝලීන්ට මතු විය හැකිය. එහෙත් දීප්තිගේ ඉතිහාස දක්‍ෂතාව සහ ඇගේ දියණියගේ දක්‍ෂතා මත ප්‍රේක්‍ෂකයන්ට එය ගැටලුවක්‌ විය නොහැක. දීප්තිගේ දියණිය කණ්‌ඩායමෙන් ඉවත්ව ගොස්‌ ඇත්තේ ශාරීරික යෝග්‍යතාව මත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්‌ඩායම ආසියානු ශූරතාව දිනා ගැනීම රටේම ජයග්‍රහණයකි. ඒ සඳහා ඇති බාධක දුරු කිරීම ක්‍රීඩා ඇමැතිවරයාගේ සිට දැල්පන්දු අතුරු කමිටුව හරහා ව්‍යාප්ත වනු ඇත. එහිදී 'ගුණ්‌ඩු' වලට හසු නොවී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් නිවැරදි මග යැම අදාළ වගකිව යුත්තන්ගේ වගකීමකි. එසේ නොකළහොත් බළධාරීන් පමණක්‌ නොව ක්‍රීඩා ලෝලීන්ටද අයියෝ.... යෑයි නිරායාසයෙන්ම කියවෙනු ඇත.

- අසේල විතාන

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us