මලල ක‍්‍රීඩාව යකාට ගියදෙන්

Published in ක්‍රීඩා
Saturday, 19 July 2014 17:11

ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක‍්‍රීඩා සංගමයට රතු එළියක් දැල්වූ බවට පුවතක් හිටිවනම දැල්වුණි. ක‍්‍රීඩා අමාත්‍යවරයා එම ධුරයේ තවමත් ඇතැ’යි යන්නට ඉඟියක් ඒ හරහා සැපයුණා විනා අන් කිසි අරුතක් එයින් ගම්‍ය නොවුණි. ඒ අපගේ හැඟීමය. මෙරට සමස්ත ක‍්‍රීඩාවම දිනෙන් දින අපායටම යද්දී ක‍්‍රීඩා අමාත්‍යවරයා සුපිරි නිවහනේ නිදිකිරා වැටෙන අයුරු පහුගිය කාලය පුරාවටම දක්නට, අසන්නට ලැබුණි.

තමාගේ වේගයෙන් එන්නැ’යි කට මැත දෙඩූ ඇමතිවරයා මේ වනවිට හාවා මෙන් නින්දට වැටී ඇති අතර සැමදා ඉබි ගමනින් යන සංගම්හි ලැගුම් ගෙන සිටින පිරිස් පැරණි පුරුදු ගමන ජය කණුව පසුකොට ගොස් හමාරය. දැන් ඇමතිවරයා අවදි වී උමතු වී ඇති සැටිය. දැන් සියල්ලම ප‍්‍රමාදය. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා පලක් නැතිය. කයිවාරු එමට තිබුණට මේ ක‍්‍රීඩා ඇමැත්තාට වැඩ බැරිමය. ඒ බව පසුගිය කාලය පුරාවට අනාගත් වැඩ කන්දරාවෙන්ම පැහැදිලිය. මහින්දානන්දගේ ක‍්‍රීඩා භාවිතාවත් හරියට සුගතදාස ක‍්‍රීඩාංගණය සේය. හැදු  දවසේ සිට පළුදුය. කොතෙක් වැහුවද එමටය. මේ පළුද්දත්් සමග ක‍්‍රීඩාව කොයිබටද?


ක‍්‍රීඩා අමාත්‍යවරයා අමුතුවෙන් නොකිව්වාට මලල ක‍්‍රීඩාව කඩා වැටුණේ අද ඊයේ නොව කාලාන්තරයක සිටය. එයට එක් අතකින් ක‍්‍රීඩා අමාත්‍යවරයා වගකිවයුතුද නැතිය. දිගුකාලීන සෝදා පාළුවක් අලූත්ගමගේට තනිව නවතාලිය නොහැකිය. ඒ සඳහා ඔහු ගත් වෙහෙසද අපමණය. මුල් වතාවේදී පාලිත ප‍්‍රනාන්දුගේ ගමන නවතාලීමෙන්ම එය පැහැදිලිය. එහෙත් මේ චක‍්‍රය තුළ රාජපක්ෂලා අතර අලූත්ගමගේ අඟුටු මිට්ටෙකි.


මෙරට මලල ක‍්‍රීඩාවේ කාබාසිනියා චරිතය වූ පාලිත ප‍්‍රනාන්දු තමන් අට ෆේල් බව දැන දැනම මලල ක‍්‍රීඩා සංගමය අත නොහරින්නේය. ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩ පටන් ගත් අලූතම සියලූ පිළිම වන්දනා කොට පාලිත එළවන තැන හරියටම ක‍්‍රියාත්මක කළද එළවූ ක‍්‍රමය වැරදිය. නියපොත්තෙන් කඩන්නට ඇති දේ පොරොවෙන් කපන්නට යෑම නිසා ඇමතිවරයා මුලින් ඇමති බලතල වටහා නොගත් නිසාම පාලිත ඉවත් කළද ඉවත් කිරීමේ මහා පළුද්දක් හදා ගත්තේය. මෙයම දෙවැනි වටයේදී පාලිත ප‍්‍රයෝජනයට ගත්තේය. ආරක්ෂක ලේකම්වරයාගේ ගජ මිතුරා වීම නිසාම පාලිත ක‍්‍රීඩාවේ කෙරුමෙක් විය. එයම මලල ක‍්‍රීඩාවේ අද දවසේ කරුමය බවට පත්වී ඇත. අද මලල ක‍්‍රීඩකයන් ගෙවනුයේ එකී කරුමයය.


ආරක්ෂක ලේකම් ළඟ ඇද වැටී එක් වරක් තමාට නැවත සභාපතිකම දෙන්නැ’යි වැඳ වැටුණු පාලිත තමාට සභාපතිකම නොලැබුණහොත් මියැදෙන බවට ප‍්‍රතිඥාදීමද ප‍්‍රසිද්ධ රහසකි. ඒ හේතුව නිසාම වත්මන් හමුදාපතිට මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිකමට තරග කරන්නට තිබූ අවස්ථාව අවසාන මොහොතේ හකුළා ගන්නට සිදුවූයේ ඉහළින්ම ආ නියෝගයකට අනුවය.


මේ සියලූ ක‍්‍රමවේදයන් අතර ක‍්‍රීඩා ඇමති අසරණය. වරක් ඇමතිට කන් දුන් රාජපක්ෂවරු දෙවැනිව පාලිතට කන් දුන්නෝය. පාලිත වසර ගණනාවක් මලල ක‍්‍රීඩා සංගමයේ රැුඳී සිටියද එයට වූ සෙතක් නැත. එයින් පාලිතට නම් අපමණ සෙත අදටත් උදාවන බව අපි හොඳාකාරවම දනිමු. එහෙත් අභාග්‍යය, මලල ක‍්‍රීඩාව අන්තයටම පිරිහීමය. මලල ක‍්‍රීඩාව යකාටම ගියදෙන් කියා එදා දෙපිල බෙදුණු අයද අද එකම පිලේ ලගිති. ඒ නිසා කිසිදු අවැඩක් ගැන විවේචනයක් එළියට නොයන්නේය. ක‍්‍රීඩාව හුදෙක්ම පවතින දේශපාලන බලඅධිකාරියට යටත්ව ගමන් කිරීමත් සමග සැවොම ආණ්ඩුව පෙරළන තෙක් පැත්තකට නොවුණු අතර සුළු තනතුරක් හෝ ගෙන එහිම කාබාසිනියෙක් විය. කලක් එනතුරු ඔවුන් කරනුයේ දැනට සිටින අයට මෙය විනාශ කිරීමට අනුබල දීමය. ඉහළින් වැටුණු සංගම් නිල නිසාම ක‍්‍රීඩා ඇමතිද ඒ දෙස ඇහැක් ඇර නොබලයි.


අද මලල ක‍්‍රීඩාවේ සියල්ල වන්නේ පාලිත ප‍්‍රනාන්දුට අවැසි විදිහටය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරග වදින්නේද නිදි වදින්නේද පාලිතගේ කැමැත්තටය. දක්ෂයන් යනු පාලිතගේ බට්ටන් නොවේ නම් ඔවුන් සැම පිට්ටනියෙන් එපිටය. ජාත්‍යන්තර තරග සඳහා කණ්ඩායම තේරිය යුත්තේ තේරීම් කමිටුවය. තේරීම් කමිටුවක්යැ’යි රූකඩයන් පිරිසක් ඇතත් සියල්ල සිදුවන්නේ පාලිතගේ අභිමතයටය. පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල අත ළඟය. ඒ සඳහා අප‍්‍රමාණ දුක් වළඳා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සුදුසුකම් සපුරා ගත්තද එය සුදුසුකමක් නොවේ. කවුද යායුත්තේ නොයා යුත්තේ යන්න තීන්දු කරනුයේ පාලිතය. මේ සඳහා පාලිතට හූමිටි තබන හූමිටියෙක්ද සිටී. ඒ සමන් කුමාරය. සියලූම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දත්ත රැුස්කිරීමේ කාලය ගණනය කිරීමේ විනෝදාංශය නිසාම ඔහුටද මලල ක‍්‍රීඩා සංගමය අද විනෝද සමයක් වී ඇත. මේ දෙපළ එකතුව පාලිතට අවැසි අය ඇතුළු කරති. පාලිත එක් කරන ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාව නිවැරදි කිරීමේ ක‍්‍රමවේදය ඇත්තේ සමන් කුමාරටය. ඒ තම විනෝදාංශය හරහාය.


පාලිත ප‍්‍රනාන්දුගේ මේ මගඩිකම් ක‍්‍රීඩා ඇමති නොදන්නවා නොවේ. එහෙත් ඔහුට දැනට කළ හැකි කිසිවක් නැත. ඔහුට කළ හැකි මෙලෝ මළදානයක් කවදටත් නැති බවද කිව යුතුය. ඔහුට කළ හැක්කේ මාධ්‍යයට කෑගසා කීම පමණය.


‘‘මලල ක‍්‍රීඩාව දියුණු කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශය වසරකට රුපියල් ලක්ෂ 150කට ආසන්න මුදලක් වැය කළද මලල ක‍්‍රීඩා සංගමයේ දුර්වල පරිපාලනය හේතුවෙන් සමස්ත මලල ක‍්‍රීඩාවම අනතුරට ලක්වෙලා’’ මෙහෙම කියනුයේ ක‍්‍රීඩා ඇමතිය. පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල සඳහා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තේරීමේදී සිදුවී ඇති අවිධිමත්භාවය ගැනද මෙහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා මලල ක‍්‍රීඩා නිලධාරීන් ගෙන්වා බැණ වැදී ඇත. එහෙත් ඇමතිට ඊට එහා කළ හැක්කක් නැත. අවසානයේ ඔහු කියනුයේ මේ තත්ත්වය පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට පෙර නිවැරදි කරගන්නා ලෙසය. එබැවින් හෙට අනිද්දාට පටන් ගන්නා පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට පෙර සියල්ල නිවැරදි වනු ඇතැ’යි සිතා සැවොම නින්දට යා යුතුය.


පාලිත ප‍්‍රනාන්දු සිටිනුයේ ආරක්ෂක ලේකම්ගේ හයිය හිතට අරගෙනය. ආරක්ෂක ලේකම් ඒ බව නොදන්නා බව සහතිකය. මන්ද ඔහු මලල ක‍්‍රීඩා සංගමය ගැන උනන්දු නැති බැවිනි. එහෙත් තමාගේ නම විකුණමින් මෙරට ක‍්‍රීඩාව විනාශ කරන්නන් හරහා ඉබේටම ආරක්ෂක ලේකම්ගේ නමද පළුදු වන්නේය. (ක‍්‍රීඩාව තුළ) මේ නිසා ආරක්ෂක ලේකම් දැනුවත් කිරීම ක‍්‍රීඩා ඇමතිගේ වගකීමකි. පාලිත මෙරට මලල ක‍්‍රීඩාව විනාශ කළා හොඳටම ඇතිය. ඊට එරෙහිව හඬක් නැගීම මලල ක‍්‍රීඩාවේ ප‍්‍රවීණයන්ගේ වගකීමකි.


(රාවය- ටිරන් කුමාර බංගමආරච්චි)

Last modified on Saturday, 19 July 2014 17:20

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us