ජනපති ආර්ථිකය ගොඩනැඟූ හැටි පසුගියදා අනුර කුමාර මතක් කළා

Published in පුවත්
Monday, 27 May 2024 10:58

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැල් පාලමෙන් ජනතාව එතෙර කල හැටි සහ ආර්ථිකය ගොඩනැඟූ හැටි පසුගියදා අනුර කුමාර මහතා මතක් කළා යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර, අධිනීතිඥ නවින් දිසානායක  පැවැසුවේය.

ආණ්ඩුකාරවරයා මේ බව පැවැසුවේ නිරෝගීමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිසංවිධානය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ප්‍රතිපාදන මත රුපියල් මිලියන 40ක් වැය කර ප්‍රතිසංස්කරණය කරන ලද බෙලිහුල්ඔය ප්‍රාදේශීය රෝහල් හදිසි ප්‍රතිකාර ඒකකය පෙරේදා (25) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙලෙස ද කීවේය.

“පසුගිය අවුරුදුවලට සාපේක්ෂව ආර්ථිකය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති නව පිබිදීම පිළිබඳ කෙතරම් අභියෝගය ආවත් රට අත්හැර නොගිය වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කළ යුතුයි.”

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, වැඩ බලන ප්‍රධාන ලේකම් දර්ශන සමරසේකර, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සුජීවා බෝධිමාන්න, රත්නපුර දිස්ත්‍රික් පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ අනෝජ් රුද්‍රිගු, බලංගොඩ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ලසන්ත විජේරීය, බෙලිහුල් ඔය ප්‍රාදේශීය රෝහල් ප්‍රධානී ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද,ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතයෝ ද සහභාගිවී සිටියහ.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us