මහජන ධනය කොල්ල කෑ හොරු 400 ක් නිදැල්ලේ  

Published in පුවත්
Tuesday, 28 May 2024 09:00

රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සඳහන්වී ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් 400 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මකවී නැතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.

එසේම දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රජයට පාඩුවූ කෝටි දාහකට වැඩි මුදලක් එම නිලධාරීන්ගෙන් අයකර ගැනීමද මෙතෙක් සිදුවී නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

වගකිවයුතු නිලධාරීන්ගෙන් පාඩුවූ මුදල් අය කර ගන්නා ලෙස විගණන නිලධාරීන් නොයෙක් වර නිර්දේශ කර ඇතත් එම නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක වී නැති බව විගණන නිලධාරියෙක් පැවසීය.

මේ අතර දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෙරුණු නිර්දේශ බොහොමයක් ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නොමැත්තේ එම දූෂණ වංචාවලට එම ප්‍රධානීන්ද සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධවී ඇති නිසා බව පෙනී ගියේ යැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ ආයතන 12 ක් පමණ හඳුනාගෙන ඇතැයිද ඔවුහු සඳහන් කරති.

මේ අතර සීනි බදු වංචාව,බාල පොහොර සිද්ධිය ඇතුළු ප්‍රධාන පෙළේ ජාවාරම් වලට සම්බන්ධ බව කියන නිලධාරීන් සම්බන්ධයෙන්ද මෙතෙක් නීතිය ක්‍රියාත්මකවී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇතැම් දේශපාලනඥයන් මෙම නිලධාරීන්ට රැකවරණය ලබාදීම මෙම වංචා දූෂණ යට යෑමට ප්‍රධාන හේතුවක් බව විගණන අංශ පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us