මෙරට පුරවැසිභාවය ලබාගැනීමට නව ගැසට් පත්‍රයක්

Published in පුවත්
Thursday, 30 May 2024 08:25

මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම නියෝග 2024 ස්ථීර වාස වීසා පත්‍ර නියෝග ලෙස හදුන්වා ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු හෝ පුරවැසි පනතේ 19, 20 හෝ 21 වගන්ති යටතේ මෙරට පුරවැසිභාවය නතර වී ඇති මෙන්ම විදේශීය කාලත්‍රයෙකුට නව රෙගුලාසි යටතේ විවාහ වී මාස 6කට පසු අයදුම් කිරිමට අවස්ථාව හිමිවෙයි.

විවාහය වසර 5කට පෙර අහෝසි වුවහොත් ස්ථීර පදිංචි තත්ත්වය ස්වයංක්‍රීයව අහෝසි වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

තම මව්පියන්, මුත්තණුවන් දිවයිනේ උපත ලද හෝ තවමත් පුරවැසියන් වන පුද්ගලයෙකු ශ්‍රි ලංකා සම්භවයක් සහිත අයෙකු ලෙස හදුන්වනු ලබයි.

මේ යටතේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන ප්‍රාථමික අයදුම්කරුවෙකු සදහා ඩොලර් 1,000ක ගාස්තුවක් අයකරන අතර ශ්‍රි ලාංකික නොවන කාලත්‍රයෙකු සඳහා මෙන්ම ළමුන් සදහා ද ඩොලර් 400ක ගාස්තුවක් අය කෙරෙනු ඇත.

2024 මැයි මස 7වන දිනැති අංක 2383 / 17 දරණ ගැසට් පත්‍රය මගින් මීට අදාළ අයදුම් පත්‍රය ඉදිරිපත් කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us