පානීය ජලය සම්බන්ධයෙන් පළවන වාර්තා අසත්‍යක්

Published in පුවත්
Wednesday, 12 June 2024 12:25

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය පවසයි.

එහි සහකාර සාමාන්‍යාධිකාරී ඒ.පී.ආර්.ජේ. විජේසිංහ පවසා සිටියේ ජනතාවට පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයෙන් යටතේ සිදුකරන පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සාමාන්‍යාධිකාරී මෙසේද පැවසීය.

“ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සපයනු ලබන ජලය පවිත්‍රකරණයෙන් පසුව, නිරන්තරයෙන් රසායනාගාර පරීක්ෂණයකට භාජනය කරනවා. ඒ අනුව සිදුකරන පරීක්ෂණ අනුව ක්ෂ්ද්‍රජීව විද්‍යාත්මක පරීක්ෂණ ඒ වගේම රසායනික සියල්ල සිදුකරනවා. එම ජලය ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලයි. ඒ අනුව ඔය කියන කිසිදු රෝගකාරක ක්ෂුද්‍ර ජීවින් අන්තර්ගත නොවන පිරිසිදු ජලය තමා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන්නේ. ගංවතුර එක්ක මොන ජලය ආවත් අපි අදාළ පිරිසිදු කිරීම් කරලා ප්‍රමිතියෙන් යුතු පානීය ජලය තමා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන්නේ. ඒ නිසා කිසිදු බියක් ඇති කරගත යුතු නෑ.”

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us