''රජයේ සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ වහාම ජනතාවට ලබා දෙන්න'', ජනපතිගෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දීමක්

Published in පුවත්
Thursday, 13 June 2024 18:31

ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරීන්ට අමතරව තවත් කණ්ඩායමක් වෙතද බලය පවරා ජංගම සේවා ක්‍රියාත්මක කිරිමේ හැකියාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනතාව මේ කෙරෙහි උනන්දු කරවමින් එම ප්‍රතිලාභය ඔවුන් වෙත ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරී ඇති වගකීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිහිපත් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us