ණය ආපසු ගෙවීම සදහා ශ්‍රී ලංකාවට 2028 දක්වා සහන කාලයක්..! 2042 ට පෙර ණය ගෙවා අවසන් කළ යුතුයි..

Published in පුවත්
Wednesday, 26 June 2024 13:21

ද්වී පාර්ශ්වික ණය හිමියන් සමග අද අත්සන් කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අනුව, ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සදහා 2028 දක්වා සහන කාලයක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.


ඒ අනුව, දැනට ද්වී පාර්ශ්වික ණය හිමියන්ගෙන් ලබාගෙන තිබෙන ණය ආපසු ගෙවීම 2028 වසරේ දී ආරම්භ වන අතර, එම ණය, 2042 වසර අවසන් වීමට පෙර ගෙවා අවසන් කළ යුතුය.
රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 37 න්, 28.5% ක් ද්වී පාර්ශ්වික ණය දෙන්නන් සතුය.
චීනය විශාලතම ද්වී පාර්ශ්වික ණය දෙන්නා වේ.
ද්වී පාර්ශ්වික ණය යටතේ චීනය ලබා දී තිබෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.66 කි. ජපානය ඩොලර් බිලියන 2.35 ක් ද, ඉන්දියාව ඩොලර් බිලියන 1.36 ක් ද ද්වී පාර්ශ්වික ණය යටතේ ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.
ශ්‍රී ලංකාවේ වාණිජ ණය සදහා, ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හරහා ඩොලර් බිලියන 12.55 ක් ද, චීන සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් බිලියන 2.18 ක් ද ලබාගෙන තිබේ.
ලංකාව, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී චීනය සමග වෙනම කටයුතු කරමින් සිටියේ ය. අද, චීන එක්සිම් බැංකුව සමගද ගිවිසුම්ගත වීමට ශ්‍රී ලංකාව සූදානම් වේ.
ලංකාව, සමස්ත ණය බර ඩොලර් බිලියන 17 කින් අඩු කර ගැනීමට අපේක්ෂා කරයි.


-ඩේලි මිරර් වෙබ් අඩවිය ඇසුරෙනි.

Last modified on Wednesday, 26 June 2024 13:25

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us