වැස්සත් එක්කම ඩෙංගුත් වැඩි වෙලා

Published in පුවත්
Friday, 28 June 2024 10:08

මෝසම් වර් ශාවත් සමඟ ඩෙංගු රෝගය වාර් තා වීම වැඩිවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි‍.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

අප්‍රේල් මාසයේ අවසන් සති 02 සිට මේ දක්වා ක්‍රම ක්‍රමයෙන් රෝගීන් වාර්තා වීම වැඩිවී ඇති අතර මෙම වසර තුළ ඩෙංගු රෝගීන් 27,639ක් වාර් තා වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඩෙංගු රෝගය වාර් තා වීමේ සාපේක්ෂ වැඩිවීමක් දක්නට ලැබෙන බව අවධාරණය කළ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ඉදිරියේදීත් මෙම ප්‍රමාණය වැඩිවීමේ අවධානමක් ඇති බවද පෙන්වා දුනි.

මදුරුවන් බෝවන පරිශ්‍ර ලෙස නිවාස ඇතුලත සහ පිටත මෙන්ම පාසල් ආශ්‍රිතව, ආගමික ස්ථාන ආශ්‍රිතව මෙන්ම රාජකාරී ස්ථාන, පෞද්ගලික අධ්‍යාපන ආයතන, බස් නැවතුම්, දුම්රිය නැවතුම්, වෙළඳපොළවල් ආදී පොදු ස්ථාන හා ඉදිකිරීම් පරිශ්‍රද පෙන්වා දුන්නේය. නිවාස වලට සාපේක්ෂව ඉහතින් දැක්වූ අනෙත් පරිශ්‍ර වල ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවධානමක් ඇති බවද සඳහන් කළේය.

ඩෙංගු රෝගය වසංගත තත්ත්වයට පත්වීම වළක්වා ගැනීමට නම් නිවාස පිරිසිදු කිරීමට අමතරව ඉහත දැක්වූ සියලුම පරිශ්‍ර පිරිසිදුව තබාගැනීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.

අවම වශයෙන් සතියකට එක දවසක් පැය කිහිපයක් පරිසරය පිරිසිදුව තබාගැනීම සඳහා වෙන් කිරීම තුළින් අවශ්‍ය ඉලක්ක වලට යා හැකි බවද, ඒ සඳහා සියලු දෙනාගේම දායකත්වය අපේක්ෂා කරන බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර  පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us