ආපදා හේතුවෙන් රැකියාවට නොපැමිණි රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩු

Published in පුවත්
Thursday, 25 July 2024 09:30

පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩුව ලබා දීමට නියමිතය.

එම දිස්ත්‍රික්කවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණහිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වු නිලධාරීන්ට සහ අදාළ ව්‍යවසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් හෝ අවතැන් වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වු නිලධාරීන්ට මෙම විශේෂ නිවාඩුව හිමිවනු ඇත.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර තිබේ.

මේ අතර රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් සඳහා ලබන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3,000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

අදාළ යෝජනාවට ඊයේ (24) දිනයේ රැස්වු කැබිනටි මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා පවතින වැටුප් විශමතාව විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us