විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා. නොදුන් තීන්දුවක්, දුන් බවට බොරුවක් සමාජ ගත කරලා. . මෙන්න ඇත්ත. Featured

Published in පුවත්
Friday, 26 July 2024 15:05

 පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක නොකර ජනාධිපතිවරයා අධිකරණ නියෝග නොසලකා හරිමින් අධිකරණ‍යට අපහාස කර ඇති බවට විපක්ෂයත්, හුදු ආණ්ඩු විරෝධී පදනමක සිටිමින් කටයුතු කරන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවනුත් විසින් සත්‍ය තත්වයන් විකෘති කරමින් විශාල ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.

පොලිස්පතිවරයාගේ පත් වීම අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණු පෙත්සම් විභාගයට ගනිමින් අධිකරණ විනිසුරුවරුන් ලබා දු තීන්දුවේ පොලිස්පතිවරයාව එම තනතුරෙන් ඉවත් කරන ලෙස නියෝගයක් ලබා දීමක් සිදුව නොමැත. එහිදී නිකුත් කර අතුරු තහනම් නියෝගයෙන් පොලිස්පතිවරයාට අදාල පෙත්සම් විභාගය අවසන් වන තුරු එම තනතුරේ බලය ක්‍රියාත්මක කිරීම අත්හි‍ටුවීමක් පමණක් එහිදී දන්වා තිබේ. එමෙන්ම ඒ් වෙනුවෙන් වෙනත් නිලධාරියකු පත් කිරීමක් සිදු කරන ලෙස ද නියෝග කිරීමක් සිදු කර නොමැත.

එම නියෝගයේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අවශ්‍ය නම් වෙනත් නිලධාරියකු පත් කිරීම ගැන සලකා බැලිය හැකි බවය.

DESH

මේ අනුව ජනාධිපතිවරයා කිසිදු විටෙක ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොසලකා හැර කටයුතු කිරීමක් සිදුව නොමැති බව පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් අද දින අධ්‍යාපන ඇමැති නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත අදාල නියෝගය වචනයෙන් වචනය ගෙන මෙම නියෝගය කුමක්ද යන්න ගැන පාර්ලිමේන්තුවට අර්ථ දැක්වීමක් සිදු කිරීමද කළේය. නමුත් විපක්ෂ කොටස් තව දුරටත් එම නියෝගය සම්බන්ධයෙන් වැරදි අර්ථ කථනයක් ලබා දෙමින් තිබේ.

මේ අනුව අධිකරණ නියෝග කඩ කළා යනුවෙන් වැරදි මතයක් සමාජ ගත කිරීමෙන් පැහැදිලිවම අධිකරණයට අපහාස කරමින් සිටින්නේ විපක්ෂ කණ්ඩායම් සහ නීති ඔස්තාර්ලා බවට පත්ව සිටින සමාජ මාධ්‍යකරුවන් විසින් බව පැහැදිලිය.

එමෙන්ම මේ වන විට ජනාධිපතිවරණ කැඳවීම සිදු කර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම තහවුරු කරමින් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.

එම තත්වයන් යටතේ රාජ්‍ය නිලධාරියක් නව තනතුරකට පත් කිරීම මැතිවරණ නීති අනුව එය උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථකථනය වන බැවින් මැතිවරණ පෙත්සම් ඉදිරිපත් වීමේ අවධානමක් තිබේ. මේ අනුව ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි වුවත් පොලිස්පති ධුරයේ වැඩ බැලීමට වෙනත් නිලධාරියක් පත් කිරීමේ නිදහස අහිමිව ඇත.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us