රූපවාහිනී වැඩසටහන් ශිල්පියාගේ දොස්තර බිරිඳ අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 06 August 2024 15:04

ජනප්‍රිය රූපවාහිනී නාලිකාවල සංගීත වැඩසටහන් ඇතුළු අනෙකුත් වැඩසටහන් මෙහෙය වන්නෙකු වන කාවිංග පෙරේරා ගේබිරිඳ යැයි පැවසෙන කාන්තාවක ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණමින් සිටියදී , මූල්‍ය වංචා පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත ඊයේ (05) උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .

37 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වෛද්‍යවරියක බව ද පොලිසිය පැවසීය .

ඇය ඊයේ (05) උදෑසන 08.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මේ වනවිට මෙම කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් කොළඹ , කොල්ලුපිටිය පොලිසිය වෙත ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සදහා භාර දී තිබේ .

 

 

-අරුණ

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us