රනිල් ගේ මංගල රැළියට සියල්ල සුදානම් - සහාය පළකිරීමට පාර්ශව රැසකුත් Featured

Published in පුවත්
Tuesday, 13 August 2024 08:49

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුරාධපුර සල්ගාදු පිටියේ දී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක් වූ කණ්ඩායම ඇතුළු මෙවර ජනාධිපතිවරයාට සහාය පළකරන පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතයින් මෙම රැලිය සඳහා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට සමගි ජනබලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා එක්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී නිල වශයෙන් විජිත් විජයමුණි සොයිසා මහතා ඒ පිළිබඳව දැනුම් දී ඇති බව සඳහන් වේ. මේ අතර, උතුරු පළාත නියෝජනය කරන දෙමළ පක්ෂ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (12) පස්වරුවේ පවත්වා තිබෙනවා.

එහිදී උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ. මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම වෙනුවෙන් නව සන්ධානය පිහිටුවීම ලබන 16 වන දින සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට ඉදිරිපත් වී සිටින මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන එක්ව මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිත බව වාර්තා වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us