තිරිඟු පිටි,මාගරින් වල මිළ ආණ්ඩුව අඩු නොකරොත් උත්සව සමයේදී කේක් මිළ තව ඉහළට Featured

Published in පුවත්
Wednesday, 06 November 2024 09:17

තිරිඟු පිටි,මාගරින් ආදියෙහි මිල අඩු කිරීම සඳහා බලයට පත්වන නව ආණ්ඩුව කටයුතු නොකළහොත් ඉදිරි උත්සව සමයේදී කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල තවදුරටත් ඉහළ යාහැකි බව බේකරි හිමියෝ පවසති.

මේ වනවිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 190 ත් 195 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත්,මාගරින්,බිත්තර ආදියද ඉහළ මිලක පවතින බවත් ඔව්හු පවසති.

මෙලෙස බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම නිසා බටර් කේක් කිලෝවක මිල රුපියල් 1,000 ත් 1,200 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.ඉදිරි උත්සව සමයේදී බිත්තර මිල තවදුරටත් ඉහළ ගියහොත් කේක් මිල ගණන්ද ඉහළ දැමීමට සිදු වන බව බේකරි හිමියෝ අවධාරණය කරති.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධනගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 ක් වැනි මිලකට ලබාදීමට සමාගම්වලට හැකියාව පවතින බවත්,එම මිලට තිරිඟු පිටි ලබාදුනහොත් කේක් කිලෝවක් රුපියල් 1,000 කට වඩා අඩු මිලකට ලබාදීමට හැකි බවත්ය.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us