රටින් ආ තැපැල් පාර්සල් 60කට අධික ප්‍රමාණයක් අතුරුදන්

Published in පුවත්
Tuesday, 07 January 2025 09:24

තැපැල් දෙපාර්තමේන්තුවට පසුගිය මාස දෙකක පමණ කාලයේ දී විදේශයන්ගෙන් ලැබුණු පාර්සල් හැටකට අධික ප්‍රමාණයක භාණ්ඩ මේ වන විට අතුරුදන් වී තිබෙන බව එහි ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ බව අනාවරණය වී ඇත්තේ එම පාර්සල් ස්කෑන් කර පරීක්ෂා කිරීමේදී ය. පාර්සල් ස්කෑන් කර ඇත්තේ ඒවා රැගෙන යාමට පැමිණෙන ලෙසට කළ දැනුම් දීම් අනුව හිමිකරුවන් නොපැමිණීම හේතුවෙනි. එලෙස ලැබෙන පාර්සල් දින තිහකින් පසු අදාළ හිමිකරු නොපැමිණියහොත් එවන ලද ලිපිනයටම ආපසු හරවා යැවේ. අන්තර්ගත ද්‍රව්‍ය නොමැති හෙයින් එම පාර්සල් හරවා යැවීමට ද නොහැකි වී තිබේ.

මෙම පාර්සල්වල හිමිකරුවන් නොපැමිණෙන්නේ ඒවායේ භාණ්ඩ හෝ අන්තර්ගතව තිබූ ද්‍රව්‍ය සේවකයන් මාර්ගයෙන් හොර රහසේ දෙපාර්තමේන්තුවෙන් පිට කර තිබීම නිසාය යන සැකයක් දෙපාර්තමේන්තුවට ඇති වී තිබේ. මෙම පාර්සල් ලැබී ඇත්තේ දෙපාර්තමේන්තුවේ ඊඑම්එස් ශීඝ්‍රගාමී සේවාව ඔස්සේ බෙදා හැරීමට ය.

පසුගිය කාලයේ දී මෙම සේවාව ඔස්සේ බෙදා හැරීමට ලැබුණු ඇතැම් පාර්සල්වල මත්ද්‍රව්‍ය පවා අන්තර්ගතව තිබිණි. ඉහත පාර්සල්වල ද නීති විරෝධී ද්‍රව්‍ය අන්තර්ගතව තිබෙන්නට ඇතැයි සැක කරන බව ඉහත ආරංචි මාර්ග කීවේය. මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කර තිබෙන බව තැපැල්පති රුවන් සත්කුමාර අප කළ විමසුමක දී පැවැසීය. ඒවායේ පැවති භාණ්ඩ හෝ අන්තර්ගත ද්‍රව්‍ය පිට කිරීමට දෙපාර්තමේන්තු සේවකයන් සම්බන්ධ යැයි සැක කරන බවත් තැපැල්පතිවරයා කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us